මියගිය දරුවාගේ සොහොන මතදී සීයා වස පානය කරයි

වෙඩි තැබීමකින් මියගිය වීරකැටියේ 14 හැවිරිදි දරුවාගේ සොහොන මතදී ඔහුගේ සීයා වස බී සියදිවි හානිකරගැනීමට උත්සහ කර තිබෙනවා. වීරකැටිය ගජනායකගම ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණු 14 හැවිරිදි පාසැල් සිසුවාගේ අවසන් කටයුතු ඊයේ (22) සවස සිදු කෙරුනා.

එම අවස්ථාවේදීයි ඔහුගේ 67 හැවිරිදි වියේ පසුවන සීයා මෙලෙස වස පානය කර සියදිවි හානිකරගැනීමට උත්සාහ කර ඇත්තේ.

පසුගිය දා වීරකැටිය ගජනායකගමදී ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඥාතීන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකදී සිදුකල වෙඩි තැබීමකින් 14 හැවිරිදි වියේ පසුවන සචින්ත නිම්සර නමැති දරුවා ජීවිතක්ෂයට පත් වූවා.

දේහය මිහිදන් කිරීමෙන් පසු සෙසු පිරිස සුසාන භූමියෙන් පිටව යාමෙන් අනතුරුව සුසාන භූමියේ රැදී සිටි 67 හැවිරිදි පුද්ගලයා මෙලෙස වස පානය කර තිබෙනවා.

වස පානය කිරීමෙන් අනතුරුව ඥාතීන් විසින් ඔහු කඩිනමින් රෝහල්ගතකිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57