මිනුවන්ගොඩ දී වෙඩි තබා ඝාතනය කළ ‘චන්දු’ගේ පැටිකිරිය එළියට

ඊයේ (16) රාත්‍රියේ මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කළ මනික්කුගේ ප්‍රභාත් ප්‍රියංකර හෙවත් ‘චන්දු’ නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට අනාවරණය වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම පුද්ගලයා ඩුබායි හි සිටින ජාවාරම්කරුවෙකු වන මිනුවන්ගොඩ හීනටියන මහේෂ් නැමැත්තාගේ ගෝලයෙකු බවටයි මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඊයේ රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක් වූ ‘චන්දු’ නැමැත්තා මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවකින් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටි අයෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

30 හැවිරිදි වියේ පසු වූ මොහු විවාහයෙන් වෙන් වී සිය මව සමඟ ආඬිඅම්බලම, පීල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව සඳහන්.

මෙම පුද්ගලයාට ඝාතනයට ලක්වූ ස්ථානයට පැමිණෙන ලෙස සිදුකර තිබූ දැනුම්දීමකට අනුව ඔහු එම ස්ථානයට යතුරුපැදියකින් ගිය පසු, එම ස්ථානයේ සැඟව සිට ඇති ඝාතකයින් ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පොලිසිය පවසන්නේ මෙම ඝාතනය සඳහා මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවයි.

ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇති අතර, පෑලියගොඩ බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය සහ ගම්පහ-මිනුවන්ගොඩ පොලිස් ස්ථාන එක්ව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56