“මිනිහා දැන් අපේ නෙමෙයි” – මරික්කාර්

රිෂාඩ් බදුදීන් මහතා මේ වන විට සමගි ජන බලවේගය සමග නොමැති බව එම පක්ෂය සඳහන් කරනවා.

මේ වන විට සමගි ජන බලවේගය නව සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරන අතර ඊට රිෂාඩ් බදුදීන් මහතාගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නොමැති බවයි සමගි ජන බලවේගය සඳහන් කරන්නේ.

එකතු වුණේ මහ මැතිවරණයට

රිෂාඩ් බදුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය , සමගි ජන බලවේගය සමඟ සන්ධාන ගත වූයේ මහ මැතිවරණයට තරග කිරීමට පමණක් බවයි සමගි ජන බලවේගය සඳහන් කරන්නේ.

රිෂාඩ් බදුදීන් මහතාත් ඇතුළුව එම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 4 දෙනකු පාර්ලිමේන්තුවේ සිටින බව පෙන්වා දෙන සමගි ජන බලවේගය ඉන් තිදෙනෙක්ම මේ වන විට සිටින්නේ ආණ්ඩුව සමඟ සෘජුවම සම්බන්ධව බවයි සදහන් කරන්නේ.

හතරෙන් තුනක් ආණ්ඩුවේ

එම තිදෙනා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය , වරාය නගර පනත් කෙටුම් පත මෙන්න බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංගයෙදී සමගි ජන බලවේගයේ මතයට පිටින් යමින් ආණ්ඩුවත් සමග ඡන්දය දුන් බවයි සමගි ජන බලවේගය පෙන්වා දෙන්නේ.

බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී එය පරාජය කිරීම සඳහා ආණ්ඩුවට තුනෙන් දෙක සාදා දුන්නේ රිෂාඩ් බදුදීන් මහතාගේ පක්ෂය නියෝජනය කරන එම මන්ත්‍රීවරුන් තිදෙනා බවටයි දැන් සමගි ජනබලවේගයේ චෝදනා කරන්නේ.

මහජන විරෝධයට ගැලපෙන ප්‍රතිචාර

සමගි ජන බලවේගය වෙනුවෙන් මෙම අදහස් දැක්වීම හා චෝදනා කිරීම සිදු කරන ලද්දේ එම පක්ෂය නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එස්.එම්. මරික්කාර් මහතායි.

එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මුස්ලිම් ජාතිකයෙකු වන මරික්කාර් මහතා රිෂාඩ් බදුර්දීන් මහතා සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දරන මෙම ස්ථාවරය හෙළිදරව් කළේ රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටී බාල වයස්කාර දැරිවියක මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදුදීන් මහතා ඇතුළු ඔහුගේ පවුල වෙත එල්ල වන බරපතළ මහජන විරෝධයට ප්‍රතිචාර දක්වමින්.

එමෙන්ම රිෂාඩ් බදුදීන් මහතාව දිගින් දිගටම සමගි ජන බලවේගයේ තබා ගැනීම සම්බන්ධයෙන්ද එල්ල වන විරෝධතාවයටද ප්‍රතිචාර ලෙසයි මරික්කාර් මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ.

සමගි ජන බලවේග නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද රිෂාඩ් බදුදීන් මහතා තමන් නායකත්වය දරන සමගි ජන බලවේගය සමග නැති බව මීට ටික දිනකට පෙර ප්‍රකාශ කර තිබුණා.

  1. මේ තවත් අපෙ රටට වින කරන ත්‍රස්තවදී පාහරයෙක්, කොලොන්නාවෙ මැරුන බාරත ලක්ෂ්මන්ගෙ ක්‍රියා නිසා කොලොන්නාව අද මුන්ගෙ ග්‍රහනයට අසුවී , 1977 පෙර මුන් කොලොන්නාවෙ සිටියෙ පවුල් කිහිපයක් පමනයි , දෙන් කොලොන්නාව කියන්න සිහලුන් නැති මෙ පාහර හැත්තට ගිය කලාපයක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37