spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිනිසෙකුගේ පෙනහැල්ලෙන් කැරපොත්තෙක් එළියට එයි

දරුණු හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙලුණු පුද්ගලයෙකුගේ පෙනහළුවලින් කැරපොත්තෙකු එළියට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කේරළයේ රෝහලක වෛද්‍යවරු කණ්ඩායමක් විසින් මෙලෙස පුද්ගලයෙකුගේ පෙනහළුවලින් කැරපොත්තෙකු පිටතට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

55 හැවිරිදි පුද්ගලයෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයකි කොචි හි අම්රිතා රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්ව තිබෙනවා.

එහි දී වෛද්‍යවරුන් විසින් ඔහුව පරීක්ෂා කිරීමේ දී අනාවරණය කරගෙන ඇත්තේ රෝගියාගේ පෙනහළුවලට කැරපොත්තෙක් වැනි සත්වයෙක් ඇතුළු වී ඇති බවයි.

වෛද්‍යවරුන් පවසන පරිදි, රෝගියාගේ පෙණහලු අභ්‍යන්තරයට ඇතුල් කළ නළයක් හරහා මෙම සත්වයා ශරීරයෙන් පිටතට ගෙන තිබෙනවා.

අදාළ රෝගියා මේ වනවිට ප්‍රතිකාර අවසන්ව රෝහලෙන් පිටව ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?