මිනිස්සු කෑගහන සද්දෙට මාත් බලන්න ගියා. මගෙ මහත්තයයි, දරුවයි, මහත්තයාගෙ යාලුවයි බිම වැටිලා හිටියා.

මේ ශෝචනීය හඬ ඇසුණේ පසුගිය දා රටම කම්පා කළ පුවතක් බවට පත් වූ සරුංගලයක් යැවීමට ගොස් නිවසක වහළයෙන් බිමට ඇද වැටී මරණයට පත් තිදෙනාගේ මරණ පරීක්ෂණයේ දී. සිය සැමියාත් සිඟිති දරුවාත් අහිමිව හඬා වැටෙන වසන්ති කුමාරී තවමත් 35 හැවිරිදි වියේ පසුවනවා.

සිද්ධියෙන් මෙලෙස මරණයට පත් වූයේ 41 වැනි වියෙහි පසු වූ පියෙකු සහ ඔහුගේ 05 හැවිරිදි සිඟිත්තා යි. මේ දිනවල පැවැති සුළං තත්ත්වය, සිය පුතුගේ සිත සතුටු කිරීමට යොදාගන්නට සිතූ පියා, පුතුත් සමග සරුංගලයක් ද රැගෙන ඉදිකෙරෙමින් පවතින අසල්වැසි නිවසක වහළය මතට නැග තිබුණා. මොවුන් දෙදෙනා දුටු අසල්වැසි පදිංචිකරුවෙකු වූ 43 හැවිරිදි හිතවතෙකු ද පිය පුතු දෙදෙනාට එක් වූයේ මේ ගත වන්නේ සිය ජීවිතයේ අවසන් විනාඩි කිහිපය බව නොදැන යි

AM3

මහල් තුනකින් සමන්විත මෙම උස් ගොඩනැගිල්ලෙහි වහළය මධ්‍යයේ හිස් ඉඩක් වෙන් කර තිබුණේ විදුලි සෝපානය සවි කිරීම සඳහා යි. ආරක්ෂාව පිණිස සෙවෙළි තහඩුවකින් ආවරණය කර තිබූ එම හිස් ඉඩකඩ පිළිබඳ මේ තිදෙනාම වැඩිදුර කල්පනා කළේ නැහැ.

නිදහසේ ඉගිල යන සරුංගලය දෙස බලා එය හැසිරවීම සඳහා පිටුපසට ගමන්ගත් තිදෙනා ගොඩවී තිබුණේ එම සෙවිළි තහඩුව මතටයි. තිදෙනාගේම බර දරන්නට නොහැකි වූ තැන, සෙවිළි තහඩුව පුපුරා කැඩී ගියේ කිසිවක් සිතාගැනීමට හෝ නොහැකි තත්පර කිහිපයක දී ජීවිත තුනක් යළි නොනැගිටින නින්දකට පත් කරවමින්

AM2

සරුංගලයක් නිසා සිය දියණිය සමග මෙලොව තනි වූ වසන්ති සිදුවීම පිළිබඳ අමිහිරි මතකය මරණ පරීක්ෂණයේ සාක්ෂි ලෙස තවදුරටත් මෙලෙස අවදි කළා.

“අපි විවාහ වෙලා වසර 08ක් වෙනවා. දරුවන් දෙදෙනෙක් ඉන්නවා. නැතිවුණු පුතාට අවුරුදු 05යි. දුවගේ වයස අවුරුදු 08යි. මහත්තයා ස්වර්ණාභරණ ආයතනයක වැඩ කළා. එදා අපි ගෙදරට වෙලා හිටියා. හවස 4ට විතර  මහත්තයා  පුතා  එක්ක සරුංගල් අරින්න ලඟ ගෙදරකට යන බව කියලා පිටත් වෙලා ගියා. මම ගෙදර හිටියා. ලඟ ගෙදරක වහලයකට නැගලා ඉන්නා අතරේ ශීට් එකක් කඩාගෙන මේ අය පහතට වැටිලා තියෙනවා. මිනිස්සු කෑගහන ශබ්දයට මාත් බලන්න ගියා. මහත්තයායි දරුවායි මහත්තයාගේ යාළුවායි බිම වැටිලා හිටියා. තුන්දෙනාගේම ඔලු තුවාළ වෙලා ලේ ගලමින් තිබුණා. තුන් දෙනාම කරාපිටිය රෝහලට අරන් ගියා. පස්සේ දැන ගත්තා තිදෙනාම නැති වෙලා කියලා.”

am1

පවතින තත්ත්වය මත මෙම මළ සිරුරු PCR පරීක්ෂණයකට ද භාජනය කර ඇතත් මොවුන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුණා.

මියගිය පිය පුතු දෙදෙනාගේත් අනෙක් පුද්ගලයාගේත් පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වුණා. ඒ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර විසින්. 

ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා තීන්දු කළේ මියගිය තිදෙනාගේ මොළයට හා හිස්කබලට සිදු වූ තුවාල හේතුවෙන් ඔවුන්ගේ මරණ සිදුව ඇති බවට යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56