මිනින්දෝරු දෙපාර්තමේන්තුවට නව සර්වේයර් ජනරාල්වරියක්

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජනරාල් ලෙස දැනට සේවය කරනු ලබන පී.කේ.එල්.එස්.පඬුවාවල 2026-08-20 දින අනිවාර්ය විශ්‍රාම වයසට එළඹීම මත එදින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, පුරප්පාඩු වන සර්වේයර් ජනරාල් තනතුරට එම දෙපාර්තමේන්තුවේ අතිරේක සර්වේයර් ජනරාල්වරියක වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරි, ඕ. ටී. එම්. අයි.තිලකරත්න 2026-08-20 දින සිට පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස සඳහන් කළා.