මින්නේරියේ දී සද්ධන්තයෙක් දුම්රියේ ගැටෙයි (වීඩියෝ)

කොළඹ – මඩකලපු ප්‍රධාන දුම්රිය මාර්ගයේ මින්නේරිය, රොටවැව හන්දිය, 146 වැනි දුම්රිය සැතපුම් කණුව ආසන්නයේ දී වන අලියෙක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

කොළොන්නාවේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක අද (24) අලුයම මෙම වන අලියා ගැටී ඇති බවයි වාර්තා වුණේ.

වයස අවුරුදු 30ක් පමණවන උස අඩි අටහමාරක් වූ මෙම වන අලියා මින්නේරිය ජාතික උද්‍යානයේ සිට ආහාර සොයා පැමිණ ආපසු යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

දුම්රියේ ගැටුණු වන අලියා මීටර් දහයක් පමණ ඉදිරියට ඇදී ගොස් මාර්ගයෙන් ඉවතට විසි වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ මින්නේරිය වනජීවි කාර්යාලය විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14