මිදිගම රුවන්ගෙන් ප්‍රශ්න කරන්න පොලීසියට අවසර හිමිවෙයි

අපරාධ කල්ලි නායකයෙකු බව කියන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් යන අයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

බුස්ස බන්ධනාගාරයේ මේ වන විට රඳවා සිටින මීදිගම රුවන්ගෙන් ඔක්තෝබර් 13 වන දින ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට එහිදී නියෝග කළා.

නීති විරෝධී ලෙස හෙරොවීන් මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම හා ජාවාරම් කිරීමේ සිද්ධියකට අදාළ ඉදිරි විමර්ශන කටයුතු සඳහා මීදිගම රුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සඳහන් කරන්නේ,

මෙම සිද්ධියට අදාළව සැකකරුවන් අතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !