මිද්දෙණිය සිද්ධියට පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට (වීඩියෝ)

මිද්දෙණිය – කඩේවත්ත ප්‍රදේශයේ සිදු වූ ත්‍රිපුද්ගල ඝාතන සිදුවීමට අදාළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අතර පොලිස් කොස්තාපල්වරයෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

පෙබරවාරි මස 18 වැනි දා රාත්‍රී 10.30ට පමණ අරුණ විදානගමගේ නමැති 39 හැවිරිදි ගල්පොත්තාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සිය යතුරුපැදියෙන් දරුවන් දෙදෙනා සමග ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක් වුණා.

එහිදී අරුණ විදානගමගේ නමැත්තා එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වූ අතර වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සය හැවිරිදි දියණිය සහ 09 හැවිරිදි පුතු ප්‍රතිකාර සඳහා තංගල්ල සහ ඇඹිලිපිටිය රෝහල් වෙත ඇතුළත් කළා.

නමුත් සය හැවිරිදි දියණිය පෙරේදා (19) අලුයම දී ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වූයේ.

09 හැවිරිදි පිරිමි දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරු විසින් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණ ද එම දරුවා ද ඊයේ (20) පෙරවරුවේ දී ජීවිතක්ෂයට පත් වුණා.

ඊයේ දහවල් වන විට මියගිය අරුණ විදානගමගේ නමැත්තාගේ සහ දියණියගේ මෘත දේහ රෝහල විසින් ඥාතීන්ට භාර දී ඇති අතර එම දේහ ඔවුන්ගේ නිවෙස වෙත ගෙන ආවා.

ඊයේ දහවල් කාලයේ දී මියගිය පුතුගේ දේහය භාරගැනීමට විදෙස්ගත ව සිටි ඔහුගේ මව පැමිණි බවයි වාර්තා වූයේ.

මෙලෙස ඝාතනයට ලක් වූයේ ‘කජ්ජා’ ලෙසින් හැඳින්වූ අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26