ඇඹිලිපිටිය, මිද්දෙණිය ප්‍රදේශයේ දී ඊයේ (26) සිදුකළ වෙඩිතැබිමට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිද්දෙණිය වෙළෙඳ සංකීර්ණය අසල දී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීමෙන් එම ප්‍රදේශයේ අවමංගල්‍ය ශාලාවක හිමිකරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු මිද්දෙණිය ප්‍රදේශයේ ම පදිංචි අවුරුදු 46ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මිද්දෙණිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
