spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිතුරා අතින් මිතුරාට මරු කැඳ වූ රහස් ප්‍රේමය (වීඩියෝ)

පොල්ලකින් පහර දී සිය මිතුරා ඝාතනය කළ පුද්ගලයෙක් කළුතර උතුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (03) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර, එම අවස්ථාව් දී දෙදෙනා එකට මත්පැන් පානයක කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මිතුරන් දෙදෙනා එලෙස මත්පැන් පානය කරමින් සිටින අවස්ථාවේ එහි සිටි එක් මිතුරෙක් අනෙක් මිතුරා හොර රහසේ කරගෙන ගිය අනියම් සම්බන්ධතාවක් පිළිබඳව හෙළිකර තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ එලෙස පවත්වාගෙන යන අනියම් සම්බන්ධය නවතා දමන ලෙසයි.

ඊට කෝපයට පත් සම්බන්ධය පවත්වාගෙන ගිය මිතුරා මොහුට කනට පහරක් එල්ල කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම කනේ පහරත් සමඟ කෝපයට පත් අදාළ මිතුරා තමන්ට කනේ පහර එල්ල කළ අනියම් සම්බන්ධය පවත්වාගෙන ගිය බව කියන මිතුරාට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර උතුර, මහ වස්කඩුව, කන්ද පන්සල පාරේ පදිංචිව සිටි 67 හැවිරිදි අයෙක්.

ඝාතනය සිදුකළ බව කියන එම ප්‍රදේශයේම පදිංචි සැකකාර මිතුරා අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?