මිතුරාගේ නිවසේ අනියම් ඇසුරේ සිටි යුවළක් එකටම අවසන් ගමන් යයි

හුංගම පොලිස් වසමේ වාඩිගල, රන්න ප්‍රදේශයේ නිවසක් තුළ අද (07) අලුයම් කාලයේදී පුද්ගලයෙක් හා කාන්තාවක් කපා කොටා ඝාතනය කිරීමේ පුවතක් වර්තාවනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 28 ක් වූ රන්න ප්‍රදේශයේ සහ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

මියගිය තරුණයා තම මිතුරෙකුගේ නිවසේ සිය අනියම් බිරිඳ සමඟ රැඳී සිටියදී මුහුණු ආවරණය කරගත් පස් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් නිවසට ඇතුළු වී තියුණු ආයුධ වලින් පහරදී මොවුන් දෙදෙනා ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

  1. ජනමාධ්‍ය, ටෙලි නාට්‍ය,චිත්‍රපට,නවකතා,කෙටිකතා,වැනි මාධ්‍ය දැනට යොමුව ඇත්තේ අනියම් ඇසුරෙන් ලැබෙන සුන්දර මිහිරියාවක් පිළිබඳව අත්දැක ඒ පොළඹවන්නමයි.මට හිතෙනේ අපෙරට පමණක් නොවේ ලොව දිළිඳු රටවල් වල ජනයාට මෙම තත්වයට මූහුණ දීමට සිදුව ඇත.පැවැති සම්ප්‍රදායට නිග්‍රහ කර ගතානුගතික එකක් බව ප්‍රකාශ කරයි.බටහිර ලිවිංටුගෙදර්ද වැනි සංකල්ප ප්‍රවර්ධනය කර ඇත.දශක කීපයක් තිස්සේ විවෘත ආර්ථිකය මේ සදහා ලොකු වටපිටාවක් සපයා ඇත.සංවෘත විය යුතු තැන් විවෘත කර හැරීම තමයි අනෙක් කරුණ.ස්තූතියි