මිතුරාගේ උපන්දිනය දා මිතුරාව බේරාගන්න දියට පැන යහළුවා මරුට

වැල්ලවත්ත මුහුදු තීරයේ උපන්දින සාදයකට එක් ව සිටි තරුණයෙකු මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පෙරේදා (28) අලුයම් කාලයේ දී මෙම අනතුර සිදු ව ඇති බවයි වැල්ලවත්ත පොලිසිය පැවසුවේ.

මිතුරන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් උපන්දින සාදයක් සඳහා එක්ව තිබෙනවා.

එහිදී කිහිපදෙනෙකු ගොස් මුහුදේ දිය නා ඇති අතර; ඒ අතරතුරදී උපන්දිනය යෙදී තිබූ තරුණයා දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුව බේරා ගැනීමට කණ්ඩායමේ තවත් මිතුරෙකු දියට පැන තිබෙනවා.

එහිදී එම තරුණයා දියෙහි ගිලී ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ කිරුළපන සිද්ධාර්ථ පාරේ අංක 39/10 හි පදිංචි පාම්බුලිංගම් බාස්කරන් නමැති (22) හැවිරිදි අවිවාහක කාර්මික ශිල්පියෙකු බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14