මිත්තණිය සමග දාන ගෙදරක යන්න ආ තරුණිය අතුරුදන්

මීගම – දර්ගා නගරයේ පදිංචි 19 හැවිරිදි දැහැමි සත්සරණී නමැති අවිවාහක තරුණියක් අතුරුදන් ව තිබෙනවා.

ඇයගේ මිත්තණිය මෙම අතුරුදන් වීම පිළිබඳ ව වැලිපැන්න පොලිසිය වෙත පැමිණිල්ලක් ද කර ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මැයි 16 වැනිදා පස්වරුවේ අතුරුදන් වූ තරුණිය සිය මිත්තණිය සමග දාන ගෙදරක යන බව පවසා නිවසින් පිටත් ව ගොස් තිබෙනවා.

පසුව අලුත්ගම නගරයේ සුපිරි වෙළෙඳසැලක වෙත මිත්තණිය ගොස් ඇති අතර තරුණිය වෙළෙඳසැලෙන් පිටත සිට ඇති බවයි පැවසෙන්නේ.

මිත්තණිය යළි වෙළෙඳසැලෙන් පිටතට පැමිණෙන විට තරුණිය එළියෙහි නොසිට තිබෙනවා.

කෙටි වේලාවක් සොයා බැලුව ද දියණිය සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මිත්තණිය යළිත් තම නිවසට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්පසුව තරුණියගේ මව විසින් අතුරුදන් වූ තම දියණිය විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණයාට ද දූරකථනයෙන් කතා කොට මේ පිළිබඳ ව දන්වා තිබෙනවා.

කෙසේවෙතත් එම අවස්ථාවේ දී පෙම්වතා විසින් තරුණියගේ මවට පවසා ඇත්තේ පෙම්වතිය අක්කලා දෙදෙනකු සමග කළුතර බෝධියට යන බව පැවසූ බවත් මව විමසුවහොත් ඔහු සමග ගිය බවට පවසන ලෙසටයි.

එමෙන්ම තරුණිය සිය පෙම්වතා යැයි පැවසෙන තරුණයාට පවසා ඇත්තේ, එක් අක්කා කෙනෙකු සමග බසයේ නැගී කළුතර බෝධිඋඅට යන බවත්, අනෙක් අක්කා ඇයගේ ස්වාමි පුරුෂයා සමග ත්‍රීරෝද රථයෙන් බසය පසුපස පැමිණෙන බවයි.

එදින සවස් යාමයේ අලුත්ගම මුහුදු වෙරළට යාමට සූදානම් වී තමන්ට පැමිණෙන ලෙසට අතුරුදන් වූ තරුණිය සිය පෙම්වතාට පැවසූ බව ද ඔහු ඇයගේ මවට ප්‍රකාශ කර තිබෙනවා.

තරුණියගේ දූරකථනය ද විසන්ධි වී ඇති අතර ඇය මේ දක්වා (මැයි 19) නිවසට පැමිණ නැහැ.

මව පොලිසියට පවසා ඇත්තේ සිය දියණිය බෝධියට ගියා යැයි පැවසෙන අක්කලා දෙදෙනා ගැන තමන් කිසිවක් නොදන්නා බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය ද දැනුවත් කර ඇති අතර සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන සිදු කෙරුණ ද මෙතෙක් තරුණිය පිළිබඳ ව කිසිවක් සොයා ගැනීමට හැකි ව නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38