මැලේසියාවේ රජුගෙන් ශ්‍රී ලංකා ජනපතිට ඇරයුමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මැලේසියා අගමැති අන්වර් බින් ඊබ්‍රහීම් (Anwar bin Ibrahim) මහතා අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී සිදු වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ආර්ථික සහ වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා මැලේසියානු සමාගම් උනන්දු කරවන බව පැවසූ අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් මහතා මැලේසියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනිමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීම පිළිබඳව ද ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

එසේම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාව කර තිබෙන ඉල්ලීමට සහය දැක්වීමට මැලේසියානු අග්‍රාමාත්‍යවරයා එකඟ වුණා.

ලබන මාසයේ දී කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) කලාපීය සමුළුව සඳහා මැලේසියා විදේශ අමාත්‍යවරයා සහභාගී කරවන බවයි අග්‍රාමාත්‍ය අන්වර් බින් ඊබ්‍රහීම් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මැලේසියාවේ සංචාරයක නිරතවන ලෙස මැලේසියාවේ රජතුමා විසින් කළ ආරාධනය ද මැලේසියානු අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙනු ලැබුවා. එය පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේ මැලේසියාවේ සංචාරය සඳහා පැමිණෙන බවයි තහවුරු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06