මැලේසියාවේදී ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකු ඝාතනය කරයි – ලාංකික යුවළක් අත්අඩංගුවට

මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර ආසන්න ප්‍රදේශයකදී ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකු ඝාතනය කර තිබියදී හමුවී තිබෙනවා.

කෝවිලක් අසල පිහිටි නිවසක මියගොස් සිටි මෙම ශ්‍රී ලාංකිකයන් ට තුන්දෙනාගේ අත් සහ පාද බැඳ හිස ප්ලාස්ටික් කවරයකින් ආවරණය කර තිබියදී සොයාගෙන ඇති බවයි මැලේසියාවේ ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ.

එම නිවසින් ඇසුනු කෝලාහලයක් හමුවේ සිදුවූ කෑගැසීම් හේතුවෙන් කළ සොයා බැලීමකදී නිවසේ ගබඩාවේ තිබූ මළ සිරුරු සොයා ගැනීමට හැකි වූ බව සඳහන්.

ඉන් එක් අයෙකුගේ සිරුර නිරුවතින් තිබූ බවයි වාර්තා වන්නේ.

ක්වාලාලම්පූර් පොලිස් ප්‍රධානී ඩටුක් අලවුදීන් අබ්දුල් මජිඩ් පැවසුවේ රාත්‍රී 11ට පමණ මහල් හතරකින් යුත් සාප්පු සංකීර්ණයක පිහිටි නිවසක ගැටුමක් ඇති වූ බවට ජනතාවගෙන් පොලිසියට ඇමතුමක් ලැබුණු බවයි.

ඒ අනුව පොලිස් ජංගම මුර රථ කණ්ඩායම දෙවන මහලේ පිහිටි නිවසට පැමිණ සිදු කළ සොයා බැලීමකදී මෙම තිදෙනාගේ සිරුරු හමුවී ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

අදාළ නිවස පරීක්ෂා කිරීමේදී එම නිවස කුලියට ගෙන සිටි 40 හැවිරිදි ශ්‍රී ලාංකික යුවළක් විමර්ශන සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මියගොස් ඇති එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගත් යුවළගේ 20 හැවිරිදි පුත්‍රයා බව ද සඳහන්.

මෙම ගැටුම අතරතුර තවත් විදේශීය පුද්ගලයින් දෙදෙනෙකු ද නිවසේ සිට ඇති අතර ඔවුන් එම ස්ථානයෙන් පැන ගොස් ඇති බව ද හෙළිවී තිබෙනවා.

පොලිස් භාරයට ගත් යුවළ, ඔවුන්ගේ දරුවන් සහ කුලී නිවැසියන් දෙදෙනෙකු ද සිටි මෙම නිවසේ කාමර පහක් ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි සඳහන්.

පසුගිය මාස හයක පමණ කාලයක සිට මියගොස් සිටින පුද්ගලයන්ගෙන් දෙදෙනෙකු ඔවුන් හඳුනන යුවළ බැලීමට එම නිවසට පැමිණි බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සඳහන් කර ඇත්තේ ඔවුන් පහුගිය දින දෙකේ මෙම නිවසේ පදිංචිව සිට ඇති බවට වාර්තා වන අතර මෙය සැලසුම් සහගත අපරාධයක් බවට සැක කරන බවයි.

මළ සිරුරු තුන පරීක්ෂා කිරීමේදී මියගිය එක් අයෙකුගේ සිරුරක තැලීම් සලකුණු තිබූ බව පොලිසිය සඳහන් කළා.

අනෙක් සිරුරු දෙකේ තුවාල සලකුණක් නොතිබූ අතර ඝාතනයට යොදා ගත් බවට සැලකෙන පිහියක් ද සොයාගෙන තිබෙනවා.

මියගිය තිදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ක්වාලාලම්පූර් ජාතික අධිකරණ වෛද්‍ය ආයතනය වෙත යොමු කෙරුණා.

රැකියා විරහිතව සිටින විවාහක යුවළ වැඩිදුර විමර්ශන සඳහා ලබන 29 වනදා දක්වා දින හතක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙන අතර ප්‍රධාන සැකකරුවන් සොයා ගැනීමට විමර්ශන සිදු කෙරෙන බවයි මැලේසියා පොලිසිය සඳහන් කර ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු දන්නා පුද්ගලයින්ට ක්වාලාලම්පූර් පොලිස් මෙහෙයුම් මැදිරියට 03-21460584/0585 හෝ ඒ අවට ඕනෑම පොලිස් ස්ථානයකට දැනුම් දෙන ලෙසට ද ඉල්ලීමක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
1
+1
2
+1
22
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58