මැරෙන දවස හරියටම දැනගන්න පුළුවන් මෙවලමක්

යම්කිසි කෙනකු මිය යන දිනය නිශ්චිතවම කියන ගණිතමය මොඩලයක් නිර්මාණය කිරීමට අමෙරිකාවේ සහ ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් පිරිසක් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෘත්‍රිම බුද්ධියේ ආකෘතියක් ලෙස නිර්මාණය කර ඇති life2vec නමැති මේ අපූරු මෙවලම භාවිත කරමින් ඕනෑම පුද්ගලයකු මිය යන දිනය පමණක් නොව ඔහු ජීවිත කාලය තුළ උපයා ගෙන ඇති මුදල් ප්‍රමාණය ද නිවැරදිව ප්‍රකාශ කිරීමට හැකියාව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

ඇල්ගොරිත ගණිත ක්‍රමවේදය අනුව අනාවැකි පළ කරන life2vec මෙවලම කෘත්‍රිම බුද්ධියේ නවතම භාවිතය වන chatbot ආකාරයෙන් ක්‍රියාත්මක වන බවත්, කෙනකු මිය යන දිනය නිවැරැදිව ප්‍රකාශ කිරීමේ හැකියාව අතින් එය 78%ක් සාර්ථක බවත් මේ දක්වා සිදු කර ඇති පර්යේෂණවලින් පෙන්නුම් කර ඇතැයි එම විද්‍යාඥයන් සඳහන් කර තිබේ.

එම මොඩලයට පුද්ගලයන් මිලියන 6කගේ අතිවිශාල දත්ත සංඛ්‍යාවක් ඇතුළත් කරමින් පර්යේෂණ සිදු කර ඇති අතර, ආදායම, වෘත්තිය, පදිංචි ස්ථානය, විවිධ රෝගාබාධ සහ ගැබ් ගැනීමේ ඉතිහාසය ඇතුළුව දත්ත එම මොඩලයේ තැන්පත් කරමින් සිදු කර ඇති පර්යේෂණ සාර්ථක මට්ටමේ පවතින බව ද වාර්තා වේ.

life2vec මෙවලමේ නිවැරැදිභාවය තහවුරු කර ගැනීම සඳහා එම විද්‍යාඥයන් කණ්ඩායම වසර 2020දී මිය ගිය පුද්ගලයන් පිරිසකගේ 2008 සිට 2016 දක්වා වූ දත්ත ඇතුළත් කර සිදු කළ පර්යේෂණවලදී ඔවුන් 2020 වසරේදී මිය යන බව එම මෙවලම නිවැරැදිව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවත් පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ඩෙන්මාර්ක නීතියට අනුව life2vec මෙවලම සම්පූර්ණ කළ යුතු නීතිමය කරුණු රැසක් ඇති බැවින් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මේ අපූරු මෙවලම සාමාන්‍ය ජනතාව අතරට මුදා හැරීම ප්‍රමාද වනු ඇතැයි ද වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධික වේගයෙන් ආ මෝටර් රථයක් දුරකථන කණු කඩාගෙන ගිහින් නැවතෙයි
00:45
Video thumbnail
හරිනි තමන්ගේ හෘද සාක්ෂිය පාවලා දුන්නා - රාජ්‍යයට අත තියපු කිසිම පාලකයෙක්ට යහතින් ඉන්න ලැබුණේ නෑ
05:40
Video thumbnail
මෙල්ෆෝර්ට් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - ගමනාගමනයටත් දැඩි බාධා
00:57
Video thumbnail
රෝහලේ පිපිරීමෙන් අනතුරට පත් අයගේ ඥාතීන් නලින්ද ඉදිරියේ හඬා වැටෙයි
02:41
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීම ගැන ඇමති නලින්ද හෙළිකරයි - තාම අනතුරුදායක මට්ටමක තියෙන්නේ
06:03
Video thumbnail
"කාවන්තිස්ස" ඇතාගේ තුවාලයට තෙවැනි දිනටත් ප්‍රතිකාර කළ අයුරු
00:54
Video thumbnail
ලීසිං ආයතන වාහන බලෙන් ගන්න ගියොත් වෙන දේ මෙන්න ?
03:30
Video thumbnail
රුමේෂ් තරංගගේ ජපානයේ තරඟයට කළින් පියාගෙන් පණිවුඩයක් - ආදරණීය ආශිර්වාදය පුතාට ලබාදෙන්න
02:38
Video thumbnail
නාමල් හිරේ හිටියට අපේ ගේම් One, Two, Three විදියට වැඩ ටික කරනවා - නොබෝ දිනකින් ඇප ලැබෙයි
01:56
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම ලොකු පුතාට සෙත්පතා පැවත්වූ බෝධි පූජාව - "ආ මහත්තයා..මහින්ද මහත්තයා.."
03:25