මැරතන් තරගකරුවන් දිරිගැන්වූ පාසල් සිසුවා බසයට යටවී මරුට (ඡායාරූප)

යාපනය, චාවකච්චේරි මීසාලෙයි ප්‍රදේශයේදී අද (01) උදෑසන ධාවනය වූ ලංගම බස්රථයකට පාපැදියක් යටවීමෙන් ඒහි ගමන්ගත් 18 හැවිරිදි උසස්පෙළ හදාරන සිසුවෙකු මිය ගොස් ඇතැයි චාවකච්චේරි පොලිසිය පවසනවා.

චාවකච්චේරි හින්දු විද්‍යාලයේ වාර්ෂික මැරතන් තරඟයට ක්‍රීඩාකරන තරඟකරුවන් දිරිගැන්වීම සඳහා මෙම සිසුවා සිය පාපැදියෙන් මාර්ගයේ ගමන්කරමින් සිටියදී යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබෙනවා.

අනතුරේදී බස්රථයේ වේගය රියුදුරුට පාලනය කරගැනීමට නොහැකිව අසල තල්ගසක වැදී බස්රථය නැවතී තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පාසල් සිසුවා චාවකච්චේරි රෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ, යාපනය මීෂාලෙයි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි උසස්පෙළ හදාරන සිසුවෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

අනතුරින් පසුව ලංගම බස්රථයේ සිටි මගීන් වෙනත් බස්රථයකින් ප්‍රවාහනය කොට අනතුරට පත් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට චාවකච්චේරි පොලිසිය විසින් පියවර ගෙන තිබුණා.

අනතුර සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

7 5
2 6
5 5
3 7 1
6 4
8 3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52