spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැරතන් තරගකරුවන් දිරිගැන්වූ පාසල් සිසුවා බසයට යටවී මරුට (ඡායාරූප)

යාපනය, චාවකච්චේරි මීසාලෙයි ප්‍රදේශයේදී අද (01) උදෑසන ධාවනය වූ ලංගම බස්රථයකට පාපැදියක් යටවීමෙන් ඒහි ගමන්ගත් 18 හැවිරිදි උසස්පෙළ හදාරන සිසුවෙකු මිය ගොස් ඇතැයි චාවකච්චේරි පොලිසිය පවසනවා.

චාවකච්චේරි හින්දු විද්‍යාලයේ වාර්ෂික මැරතන් තරඟයට ක්‍රීඩාකරන තරඟකරුවන් දිරිගැන්වීම සඳහා මෙම සිසුවා සිය පාපැදියෙන් මාර්ගයේ ගමන්කරමින් සිටියදී යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබෙනවා.

අනතුරේදී බස්රථයේ වේගය රියුදුරුට පාලනය කරගැනීමට නොහැකිව අසල තල්ගසක වැදී බස්රථය නැවතී තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පාසල් සිසුවා චාවකච්චේරි රෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ, යාපනය මීෂාලෙයි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි උසස්පෙළ හදාරන සිසුවෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

අනතුරින් පසුව ලංගම බස්රථයේ සිටි මගීන් වෙනත් බස්රථයකින් ප්‍රවාහනය කොට අනතුරට පත් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට චාවකච්චේරි පොලිසිය විසින් පියවර ගෙන තිබුණා.

අනතුර සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

7 5
2 6
5 5
3 7 1
6 4
8 3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?