මැයි 09 කොළඹ නගරයේ අල්ලන යන අඩව්ව

ඔබ දැනටමත් දන්නා පරිදි අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට සාමාන්‍ය ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ලවී තිබෙනවා.ඒ වගේම ඉතිරි මැති ඇමතිවරිරු 225 දෙනා ගැනත් ජනතාවත ඇත්තේ එතරම් හොඳ ප්‍රතිරූපයක් නම් නොවෙයි.ඒ නිසාම ඇතැම් පිරිසක් කියන්නේ 225ම ගෙදර යා යුතු බවයි.

කෙසේ නමුත් එම ඉල්ලිම් සියල්ල මුල් කරගනිමින් මේ වනවිට ගාලු මුවදොර ගෙනයන අරගලයට දින 30ක් නැතිනම් මාසයක් සම්පූර්ණ වී තිබෙනවා.

ඒ අතරම අපට කණින් කොනින් ඇසෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ එළැබෙන සඳුදා දිනයේ දී ඉල්ලා අස්වීමට සූදානම් වන බවයි.නමුත් මේ පුවත තවමත් සීයට සීයක් තහවුරු වී නොමැති බවත් කිව යුතුමයි.

ඒ පුවත සම්බන්ධයෙන් කතා කිරීමේ දී වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලීමක් කර තිබෙන බවයි සඳහන් වූයේ.
කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් විය යුතු බවට ජනාධිපතිවරයා විසින් කර ඇති දැනුම් දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් විසින් දැඩිව හෙළා දැක තිබෙනවා.

මේ සම්බන්ධව අදහස් දැක්වීමට අරලිය ගහ මන්දිරයේදී අගමැතිවරයා මුණගැසුනු ඔවුන් දන්වා සිටියේ, අග්‍රාමාත්‍යවරයා තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවත් අවශ්‍ය නම් අගමැති ධුරයෙන් නෙරපා හරින ලෙසත්ය.එපමණක් නොව එසේ කලහොත් නැවතත් මහින්ද රාජපක්ෂ මහතා පෙරටත් වඩා ශක්තිමත්ව අගමැතිධුරයට පත් කරන බවත් ඔවුන් මෙහිදී සඳහන් කර සිටියා.

“ජනතාව යන්න කියන්නේ අග්‍රාමාත්‍යවරයාට නොව ජනාධිපතිවරයාට” බවත් පළාත් පාලන නියෝජිතයන් මෙම හමුවේ දී කියා තිබෙනවා.

එසේම මෙම ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම වැලැක්වීම පිණිස එළඹෙන සඳුදා දිනයේ අග්‍රාමාත්‍යවරයාට සහයෝගය පළ කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ආධාරකරුවන් රැස් කිරීමට එම පක්ෂය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවත් වාර්තාවනවා.

ඔවුන් තම අනෙකුත් සඟයන්ට දනන්වා සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැති ධුරය රැක ගැනීම සදහා අරලියගහ මන්දිරය ඉදිරියට පෙරවරු 9 ට රැස් වන ලෙසයි.

කෙසේ නමුත් මේ මොහොතවනවිට අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගම නමින් ගමක් නිර්මාණයකර උද්ඝෝෂණයක් ද පැවැත්වෙනවා.එමෙන්ම ගාලුමුවදොර අසල විරෝධතාවය අඛණ්ඩව 30 වැනි දිනයත් පසුකරමින් ඉදිරියට ඇදෙමින් තිබෙනවා.මෙවන් වටපිටාවක් මැද අරලියගහ මැදුර අභියසට ඒමට නියමිත අගමැති පාක්ෂිකයන් නිසා ඇතැම් විට උණුසුම්කාරී වටපිටාවක් ඇතිවේදෝ යැයි පූර්ව සැකයක් තිබීම සාධාරණය.

ඒ කෙසේ නමුත් හෙට ( 09 ) දිනයේ කොළඹට පැමිණෙන ඔබ පූර්ව ආර්ක්ෂාකාරී පියවර වශයෙන් ගමන් පහසුව පිළිබඳව යම් විකල්ප සැලැස්මක් තබා ගැනීමත් ඉතා වටිනා බව මෙ මොහොතේ සිහිපත් කල යුතුමය.

  1. බල්ලො හපාගන්න ආවත් මිනිස්සුත් පැනලා බලල්ලන්ගේ හපන්න යන්නැනේ බල්ලො වෙනයි මිනිස්සු වෙනයි ඒනිස හෙට එහෙම අවුලක් වෙන එකක් නෑ 🙂



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29