මැයි රැළි සහ පෙළපාළි 40ක් අද දිවයින පුරා – ආරක්ෂාවට පොලිසියේ 10,000ක් (වීඩියෝ)

අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සහ සංවිධාන කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකම පෙළපාලි සහ මැයි රැළි සංවිධානය කර තිබෙනවා.

ඒ, අනුව විවිධ දේශපාලන පක්ෂ හා සංවිධාන රටපුරා පවත්වන මැයි දින රැළි සහ පෙළපාළි ගණන 40ක් බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙවර මැයි දිනය වෙනුවෙන් කොළඹ නගරය තුළ පමණක් පැවැත්වෙන මැයි රැළි සහ පෙළපාළි ගණන 14ක්.

මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ඉදිරිපිට නව ප්‍රදීපා මාවත පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.

ඒ, එම පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයන්.

මේ අතර මෙවර මැයි දිනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය මැයි දින පෙළපාළියක් නොපවත්වන බවයි එම පක්ෂය සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද මෙවර මැයි දින පෙළපාලියක් නොපත්වන අතර, ඔවුන්ගේ මැයි දින රැළිය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ බොරැල්ල කැම්බල් පිටියේදී යි.

මෙවර මැයි දිනය වෙනුවෙන් සමගි ජන බලවේගය පක්ෂය කොළඹ කොටුව ආශ්‍රීතව මැයි දින පෙළපාලියක් සංවිධානය කර ඇති අතර, එම පක්ෂයේ ප්‍රධාන රැළිය පහළ චැතම් වීදිය ප්‍රදේශයේදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර ජාතික ජන බලවේගය දිවයිනේ නගර කිහිපයකම සිය මැයි දින රැළි සහ පෙළපාලි සංවිධානය කර තිබෙනවා.

ඒ, අනුව ඔවුන්ගේ ප්‍රධාන මැයි දින රැළිය ලිප්ටන් වටරවුමේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර පෙළපාළිය ආරම්භ වන්නේ කොළඹ බී.ආර්.සී ක්‍රීඩාංගණය අසලින්.

ඊට අමතරව යාපනය, අනුරාධපුර සහ මාතර දිස්ත්‍රික්කවලදී ද ජාතික ජන බලවේගය විසින් සිය මැයි සැමරුම් සංවිධාන කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ දී පැවැත්වීමට නියමිතයි.

මෙම මැයි දින රැළිය සංවිධානය කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වයෙන්.

අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව සහ මැයි දින රැළි පැවැත්වෙන නගර ආශ්‍රිතව විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.

ඒ, අනුව මෙම ආරක්ෂක රාජකාරී සඳහා බුද්ධි නිලධාරීන් ද ඇතුළුව පොලිස් නිලධාරීන් 10,000ක් සංඛ්‍යාවක් අද දිනයේ යෙදවීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16