මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල ලබාගත් ශ්‍රී ලාංකික කාන්තාව යළි දිවයිනට

තමන්ට සිදු වූ විශාල අසාධාරණයකට මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල ලබාගත් ශ්‍රී ලාංකික කාන්තාව කුවේට් රාජ්‍යයේ සිට ඊයේ (03) දිවයිනට පැමිණ තිබුණා.

මහියංගනය ප්‍රදේශයේ පදිංචිකාරිණියක්වන ඇය වන්දි වශයෙන් හිමි වූ මුදල රුපියල් හැටඅට ලක්ෂයක්.

32 හැවිරිදි වියේ පසුවන මැය 2022 වසරේ ඔක්තෝම්බර් මස 22 වන දින ගෘහ සේවය සදහා කුවේට් රාජ්‍ය වෙත පිටව ගොස් තිබුණා.

එහිදී ඇය සේවය කළ නිවසේ හ්මිකරුගේ පුත්‍රයා විසින් බලහත්කාරයෙන් අවස්ථා කීපයක දී මෙම තරුණියව දූෂණයට ලක් කර ඇති බවයි වාර්තා වුණේ.

පසුව එම කුවේට් ජාතික තරුණයාගේ මව විසින් මෙම තරුණිය ගැබ් ගෙන ඇති බවට දැනගැනීමත් සමඟ රහසිගතව නිවස වෙත වෛද්‍යවරයෙක් ගෙන්වා තරුණියට බලහත්කාරයෙන් ගබ්සා කිරීමක් සිදුකර තිබෙනවා.

එහිදී මෙම සිදුවීම කිසිවෙකුටත් ප්‍රකාශ නොකරන ලෙස කුවේට් ජාතික කාන්තාව විසින් මෙම ශ්‍රී ලාංකික තරුණියට තර්ජනය කර ඇති බවට ද තොරතරු වාර්තා වනවා.

එම ගබ්සා කිරීමෙන් පසු රෝගී වී ඇති මෙම ශ්‍රී ලාංකික තරුණිය පසුගිය මාර්තු මස 23 වන දින රෝද පුටුවක හිදුවා ශ්‍රී ලංකාවට ආපසු එවීම සඳහා කුවේට් ගුවන් තොටුපොළ වෙත දූෂණය සිදුකළ කුවේට් ජාතික තරුණයාගේ පියා විසින් කැඳවාගෙන විත් තිබෙනවා.

එහිදී ගුවන් තොටුපොළ බලධාරීන් විසින් අසනීප තත්ත්වයේ සිටි මෙම තරුණියගෙන් කරුණු විමසා ඇති අතර, එහිදී යට මුහුණදීමට සිදුවූ සිදුවීම ඔවුන්ට පවසා ඇති බව සඳහන්.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීමට එරට ගුවන්තොටුපොළ බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

පසුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම තරුණියව වහාම ජබරියා හි අල් මුබාරක් රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම තරුණියට වූ අසාධාරණය සම්බන්ධයෙන් එරට අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර, එහිදී එරට නීතිවේදීන් සමඟ මාස 06ක පමණ කාලයක් දැඩිව ගැටෙමින් මෙම තරුණියට කුවේට් ඩිනාර් 6,500ක වන්දි මුදලක් කටයුතු කර තිබෙනවා.

එය මෙරට මුදලින් රුපියල් හැටඅට ලක්ෂයක්.

අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් වැරදිකරු වූ කුවේට් ජාතික තරුණයාට සිරදඬුවම් පැනවීමට ද නියම කර තිබෙනවා.

ඒ, අනුව අදාළ වන්දි මුදල සහ යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ටිකට් පත්‍රය කුවේට් ජාතිකයා විසින් මෙම තරුණිය වෙත ලබාදීමයි කටයුතු කර ඇත්තේ.

ඉන් අනතුරුව මෙම ශ්‍රී ලාංකික තරුණිය ඊයේ (03) උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 230 දරණ ගුවන් යානයෙන් කුවේට් හි සිට මෙරටට පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

  1. WENA MONA RATAKIN GIYA UNTA UNATH APE GENUNTA WENA DEWAL WENNE HARIMA ADUWEN. HETHUWA UNGE RATAWAL UN GENA HOYA BALANAWA, EWNA DOLLA, DINAR, RIYAL DIHA WITHARAK NOWEYI BALAGENA INNE. EYI NISA BHAYAYI EYI RATWALIN EWANA UNTA SELLAM DANNA. APE GENUTH EHE GIYAMA WENAMA RANGAPANAWA. BABA TA REDDA USSANNA DEPARAK HITHANNE NAHE. APE GENU ELLENEMA EKKO PAKISTAN, INDAN, BANGAI, PHILIPINE PIRIMA EKKA. MEHE PIRIMI HAMUUNAMA NODEKKA WAGEYI YANAWA. KELA UNAMA ENNE MEHE PIRIMI GAWATA UDAWU ILLAGENA EHE HOSPITAL WALA WEDA KARANA APE PIRIMI EHEMA KELAWAGENA ENA GENUNTA THITHTHA KATHAWEN AHANNE KAWUDHA KELIYE KIYALA, MUN KIYANNEMA NAHELU. KIYANKAM ONA DEY KARALA DENNETH NAHA LU. GANANA BASSALA WATEMA SALE YAWALALU WADEYI KARALA DENNE. MEKA KIYUWE DANNA EKEK, KIYLATH AWURUDU 25 TA WADIYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18