මැදපෙරදිග ගැටුම් නිසා චීනයේ ආර්ථික වර්ධන ඉලක්ක බිඳ වැටෙයි

ගෝලීය වශයෙන් පවතින දුර්වල දේශීය ඉල්ලුම සහ ඉරාන යුද්ධය හේතුවෙන් බොරතෙල් මිල ඉහළ යාම හමුවේ ලොව දෙවැනි විශාලතම ආර්ථිකය හිමි චීනයේ, ආර්ථික වර්ධන වේගය අප්‍රේල් සහ ජූනි මාස අතර කාලය තුළ බරපතළ ලෙස මන්දගාමී වී ඇති බව බීබීසී ලෝක පුවත් සේවය වාර්තා කරනවා.

චීනයේ අපනයන අංශය ශක්තිමත් මට්ටමක පැවතුණ ද, එරට නිල දල දේශීය නිෂ්පාදන දත්ත වාර්තාවලට අනුව දෙවැනි කාර්තුව තුළ චීන ආර්ථිකය වර්ධනය වී ඇත්තේ 4.3%ක ප්‍රතිශතයකින් පමණයි.

මෙය වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ 5%ක වර්ධනයට වඩා පහළ යාමක් වන අතර, බෙයිජිං පාලනය විසින් අපේක්ෂා කළ වාර්ෂික ආර්ථික ඉලක්කයන්ට වඩා බෙහෙවින් අඩු අගයක්.

චීන රජයේ දත්තවලට අනුව ජූනි මාසයේදී එරට අපනයන 27%ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කර තිබූ පසුබිමක මෙම පසුබෑම වාර්තා වීම විශේෂත්වයක්.

පසුගිය මාර්තු මාසයේදී චීන රජය විසින් එරට වාර්ෂික ආර්ථික වර්ධන ඉලක්කය 4.5% – 5% දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබූ අතර, එය 1991 වසරෙන් පසු එරට ඉලක්ක කරගත් අඩුම ආර්ථික වර්ධන වේගයයි.

පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ඉරාන යුද්ධයෙන් පසු ගතවූ පළමු සම්පූර්ණ ආර්ථික කාර්තුව මෙය වන අතර, කොවිඩ්-19 දැඩි සීමාවලින් චීනය නිදහස් වූ 2022 වසරේ අගභාගයෙන් පසු වාර්තා වූ අවම කාර්තුමය ආර්ථික වර්ධනය ද මෙය වනවා.

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පෙන්වා දෙන්නේ බාහිර දේශපාලනික අස්ථාවරත්වය සහ අවිනිශ්චිතතාවයන් මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති අතර, දේශීය ආර්ථිකය තුළ පවතින ඉහළ සැපයුම සහ දුර්වල ඉල්ලුම අතර අසමතුලිතතාවය ද මීට හේතුවී ඇති බවයි.

චීන ආර්ථිකය මුහුණ දී ඇති අනෙකුත් ප්‍රධාන අභියෝග ලෙස එරට දේපළ වෙළඳපොළේ පවතින දිගුකාලීන බිඳවැටීම සහ පාරිභෝගිකයන්ගේ වියදම් කිරීමේ හැකියාව සීමා වීම දැක්විය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33