spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැති ඇමතීන්ට අඩු මිලට තෙල් දෙන කතාවට විෂයභාර ඇමතිගෙන් උත්තර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහනදායී මිලට ඉන්ධන නිකුත් කරන බවට සමාජ මාධ්‍යවල පලවන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එකරමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර දැනට මහජනතාවට ලබා දී ඇති වෙළෙඳපොළ මිලට වඩා සහනාධාර මිලකට කිසිදු පාර්ශ්වයකට හෝ කිසිදු මන්ත්‍රීවරයකුට ඉන්ධන ලබා දී නොමැති බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම්හලේ පොම්පයේ දැක්වෙන මිල ගණන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් දී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් වන වාර්තාව අද (19) දිනය තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?