මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දුන් විනිසුරු එරාස්මස්ගේ ‘ටයිම් අවුට්’ වෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශයේ ෂකීබ් අල් හසන්ගේ ඉල්ලීම පරිදි ඇන්ජලෝ මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දී පිටියෙන් එළියට දැමූ විනිසුරු මොරිස් එරාස්මස් අද (15) දිනයෙන් පසු ක්‍රිකට් පිටියේ දක්නට නොලැබෙයි.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හී මේ වනවිට පැවැත්වෙන නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර 2 වැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව ඊයේ (14) දින ඔහු විනිසුරු දිවියෙන් සමුගත්තා.

වසර 146ක ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ නියමිත වේලාවට තණතිල්ලට පැමිණ පන්දුවට පහර නොදීමේ චෝදනාව මත (Timed Out) දවාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වූ ඇන්ජලෝ මැතිව්ස් පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු මොරිස් එරාස්මස් කටයුතු කළ ආකාරය පිළිබඳ ක්‍රිකට් ලොව මහත් ආන්දෝලනයක් ඇති කළා.

එලෙස මැතිව්ස් දවා ගැනීම ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණයට එරෙහි ඉතාම ලැජ්ජා සහගත ක්‍රියාවක් බව ක්‍රිකට් විචාරකයෝ චෝදනා කළ අතර, ඉන් හරියටම මාස 4ක් ගෙවී යද්දී මොරිස් එරාස්මස් විනිසුරු දිවියට තිත තැබීමට තීරණය කර තිබුණා.

දකුණු අප්‍රිකානු ජාතික විනිසුරු මාරයිස් එරාස්මුස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විනිසුරුවරයෙකු ලෙස සිය ගමන 2006 පෙබරවාරි මාසයේදී ආරම්භ කළ අතර, ලෝක කුසලාන හතරක සහ විස්සයි 20 ලෝක කුසලාන පළමු සංස්කරණයේ හැර අන් සියල්ලෙහිම විනිසුරුවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තුනකදී පිටියේ විනිසුරු වුයේද ඒ මොහුයි.

එක්දින තරඟ 124ක්, ටෙස්ට් තරග 82ක් සහ විස්සයි 20 ජාත්‍යන්තර තරඟ 43ක විනිසුරුවූ හෙතෙම කාන්තා ක්‍රිකට් විස්සයි 20 තරඟ 18ක විනිසුරු විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04