මැතිව්ස්ගේ දැවීයාම ක්‍රිකට් පිටිය කළඹයි

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය මේ වන විට දිල්ලි හිදී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායාමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

මෙහිදී ශ්‍රී ලංකා ඉනිමේ මැදපෙළ පිත්කරු ඇන්ජෙලෝ මැතිව්ස්ගේ දැවීයාම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතා බහක් මතුව තිබෙනවා.

මැතිව්ස් පන්දුවට පහරදීමට කඩුල්ලට පැමිණීමට පරක්කුවීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රීඩකයින් විනිසුරුවන්ට සිදුකළ පැමිණිල්ලක් මත ඔහු දැවීගිය ක්‍රීඩකයෙකු ලෙස නම්කරනු ලැබුවා.

ඒ, අනුව මැතිව්ස්ට සිදු වුණේ කිසිඳු පන්දුවකට මුහුණ නොදී යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාමටයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ මෙවැනි දැවීයාමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

“කඩුල්ලක් වැටීමෙන් හෝ පිතිකරුවෙකු පිටියෙන් ඉවත්වීමෙන්, පැමිණෙන පිතිකරුවා, පන්දුව ලබාගැනීමට හෝ අනෙක් පිතිකරුවා මිනිත්තු 03ක් ඇතුළත ඊළඟ පන්දුව ලබා ගැනීමට සූදානම් විය යුතුය. එසේ නොවුනහොත් පැමිණෙන පිතිකරුවා දැවීගිය පිතිකරුවෙක් ලෙස නම් කරනු ඇත.”

  1. ක්‍රිකට් ක්‍රිඩාවට ශ්‍රී ලාංකික ක්‍රිඩයන් දක්වන උනන්දුව පෙන්නුම් කරන අවස්ථාවක්. ලෝක කුසලාන තරඟයකට සහභාගීවන ක්‍රීඩකයා ඔහුට ලැබෙන අවස්ථාව පුජනීයත්වයෙන් සැලකිය යුතුයි. එසේ නොකරන කාලකන්නින්ට මෙවැනි ඉරනමකට මුහුණදීමට සිදුවීමම දිට්ඨධම්ම වේදනීය කර්මයකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14