spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිව්ස්ගේ දැවීයාම ක්‍රිකට් පිටිය කළඹයි

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය මේ වන විට දිල්ලි හිදී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායාමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

මෙහිදී ශ්‍රී ලංකා ඉනිමේ මැදපෙළ පිත්කරු ඇන්ජෙලෝ මැතිව්ස්ගේ දැවීයාම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතා බහක් මතුව තිබෙනවා.

මැතිව්ස් පන්දුවට පහරදීමට කඩුල්ලට පැමිණීමට පරක්කුවීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රීඩකයින් විනිසුරුවන්ට සිදුකළ පැමිණිල්ලක් මත ඔහු දැවීගිය ක්‍රීඩකයෙකු ලෙස නම්කරනු ලැබුවා.

ඒ, අනුව මැතිව්ස්ට සිදු වුණේ කිසිඳු පන්දුවකට මුහුණ නොදී යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාමටයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ මෙවැනි දැවීයාමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

“කඩුල්ලක් වැටීමෙන් හෝ පිතිකරුවෙකු පිටියෙන් ඉවත්වීමෙන්, පැමිණෙන පිතිකරුවා, පන්දුව ලබාගැනීමට හෝ අනෙක් පිතිකරුවා මිනිත්තු 03ක් ඇතුළත ඊළඟ පන්දුව ලබා ගැනීමට සූදානම් විය යුතුය. එසේ නොවුනහොත් පැමිණෙන පිතිකරුවා දැවීගිය පිතිකරුවෙක් ලෙස නම් කරනු ඇත.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
18
+1
26
+1
2
+1
30
+1
5
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?