මැතිවරණ සහ මානව හිමිකම් කොමිසමට නව සභාපතිවරු

මැතිවරණ කොමිෂන් සභාවට (EC) සහ මානව හිමිකම් කොමිෂන් සභාවට (HRC) නව සභාපතිවරුන් දෙදෙනෙකු පත්කර තිබෙනවා.

මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති ලෙස පත් කර ඇත්තේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතායි.

මැතිවරණ කොමිසමේ සභාපති ලෙස හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පත්කර තිබෙනවා.