මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ, අනුව මේ වනවිට මැතිවරණ පැමිණිලි 320ක් වාර්තා වී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගත වූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 51ක් වාර්තා වී ඇති බවයි.

එම පැමිණිලි පනස් එකම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිලි බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2024 08 11 at 10.39.21 AM