මැතිවරණ කොමිෂන් සභාවේ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

නැවත දැනුම්දෙන තුරු මැතිවරණ කොමිෂන් සභාවේ සේවාවන් අත්හිටුවා තිබෙනවා.

එම කොමිෂන් සභාව සඳහන් කළේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (07) දින සිට මෙලෙස සේවාවන් තාවකාලිකව අත්හිට වූ බවයි.

ඡන්දහිමි නාමලේඛන තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්දහිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලුම ඊ සේවා නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබෙනවා.

2