මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට දරන ඒකාධිපති උත්සාහයක් – අගරදගුරු

මැතිවරණ කල් දැමීම හෝ අවලංගු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට දරන ඒකාධිපති උත්සාහයක් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

නිවේදනයක් නිකුත් කරන උන් වහන්සේ පවසන්නේ රාජ්‍ය නිලධාරී වාදය හා දේශපාලන අධිකාරිය මුලික මිනිස් අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස උල්ලංඝණය කරන තත්වයක් තුල ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ දැඩි අප්‍රසාදයට පත්වන බවයි.

රට මුහුණ දෙන දරුණු ආර්ථික අර්බුධය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල,එක්සත් ජාතීන්ගේ සංවිධානය ආදී ජාත්‍යන්තර ආයතනවල සහය අවැසි මොහොතක බලය රැක ගැනීමේ පටු අරමුණු වෙනුවෙන් සිදුකරන මෙවැනි ක්‍රියා නතර කරන ලෙසට අගරදගුරු හිමිපාණන් සිය නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා සිටිනවා.

ප්‍රකාශයට පත්කොට ඇති පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට ජනාධිපතිවරයා,රජය සහ සියලු රාජ්‍ය බලධාරීන්ට කටයුතු කරන ලෙසට දැනුම් දෙන කාදිනල් හිමිපාණන් ඡන්දය කල් දැමීමට හේතුව රජය කෙරෙහි නැගී එන ජනතා අප්‍රසාදය නම් ඊට අනුව වෙනස්වීමට තරම් බුද්ධියක් රටේ නායකයින්ට ඇතැයි විශ්වාස කරන බව උන්වහන්සේ නිකුත්කළ නිවේදනයේ සදහන්.

kadi 02
kadinal


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14