spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට දරන ඒකාධිපති උත්සාහයක් – අගරදගුරු

මැතිවරණ කල් දැමීම හෝ අවලංගු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට දරන ඒකාධිපති උත්සාහයක් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

නිවේදනයක් නිකුත් කරන උන් වහන්සේ පවසන්නේ රාජ්‍ය නිලධාරී වාදය හා දේශපාලන අධිකාරිය මුලික මිනිස් අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස උල්ලංඝණය කරන තත්වයක් තුල ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ දැඩි අප්‍රසාදයට පත්වන බවයි.

රට මුහුණ දෙන දරුණු ආර්ථික අර්බුධය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල,එක්සත් ජාතීන්ගේ සංවිධානය ආදී ජාත්‍යන්තර ආයතනවල සහය අවැසි මොහොතක බලය රැක ගැනීමේ පටු අරමුණු වෙනුවෙන් සිදුකරන මෙවැනි ක්‍රියා නතර කරන ලෙසට අගරදගුරු හිමිපාණන් සිය නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා සිටිනවා.

ප්‍රකාශයට පත්කොට ඇති පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට ජනාධිපතිවරයා,රජය සහ සියලු රාජ්‍ය බලධාරීන්ට කටයුතු කරන ලෙසට දැනුම් දෙන කාදිනල් හිමිපාණන් ඡන්දය කල් දැමීමට හේතුව රජය කෙරෙහි නැගී එන ජනතා අප්‍රසාදය නම් ඊට අනුව වෙනස්වීමට තරම් බුද්ධියක් රටේ නායකයින්ට ඇතැයි විශ්වාස කරන බව උන්වහන්සේ නිකුත්කළ නිවේදනයේ සදහන්.

kadi 02
kadinal
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?