මැතිවරණ කල්දැමීමට ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගය පවසයි

මහ මැතිවරණය පවත්වනු ලබන දිනයන් වෙනස් කිරීමට ආණ්ඩුවට හැකියාව තිබුණද ජනාධිපතිවරණය නියමිත කාලවලදී පැවැත්වීම අනිවාර්ය බවත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් ජාතික ජන බලවේගයට බියෙන් බලහත්කාරී අත්තනෝමතික හා නීති විරෝධීව මැතිවරණ නොපවත්වා කටයුතු කරන්නේ නම් ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව උත්තර ලබාදීමට ජාතික ජන බලවේගය සූදානම් බව එහි අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ පවසනවා.

ජනාධිපතිවරයාගේ විධායක බලතල අහෝසි විය යුත්තේ ජනතාව ප්‍රතික්ෂේප කරන ලද පාර්ලිමේන්තුවකින් නොව ජනතාව පත් කළ පාර්ලිමේන්තුවකින් පමණක් බව ද වසන්ත සමරසිංහ මහතා පවසයි .

ඒ මහතා මේ බව කියාසිටියේ අද දින අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් පළකරමින් .

මෙරටට ලැබෙන විදෙස් රැකියා සියල්ල වත්මන් අමාත්‍යවරුන් විසින් මුදලට අලෙවි කරන බවත් රටේ ප්‍රශ්න හා ජනතාවගේ හඬ යටපත් කිරීමට සමාජ ආරක්ෂණ පනත හා ප්‍රතිත්‍රස්ත පනත හරහා ජනතාව බිය වැද්දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පවසයි.

විදුලි බිල සියයට තිහකින් අඩු කිරීමට හැකියාව තිබියදී එය සියයට තුනකින් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු සූදානම් කර ඇති බවත් ජාතික සංවර්ධන ඉලක්ක වලට මෙරට කිරි නිෂ්පාදනය අත්‍යවශ්‍ය කරුණක් වන අතර ඇතැම් අය පවසන පරිදි අනුර දිසානායක මහතා ඉන්දියාවෙන් කිසිදු මුදලක් ලබාගෙන ඇති බවත් ඒ මහතා පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38