spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ අපේක්ෂකයින්ගේ ඇප තැන්පත් ගාස්තු ඉහළට

ඡන්ද විමසීම සඳහා වන ඇප තැන්පත් මුදල් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ගෙනවිත් ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතු මුදල රුපියල් මිලියන 2.6ක් ඉහළ දමා ඇති බව සඳහන්.

එමෙන්ම ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 3.1 දක්වා වැඩිකර තිබෙනවා.

මීට අමතරව මහ මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු සඳහාවන ඇප තැන්පතු මුදල රුපියල් 11,000ක් ලෙස වැඩිකර ඇති අතර, ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතු මුදල රුපියල් 16,000 දක්වාත් ඉහළ දැමීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.

මෙම නව සංශෝධන යටතේ පිළිගත් දේශපාලන පක්ෂයකින් පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයෙක් රුපියල් 6,000ක ඇප මුදලක් තැන්පත් කළ යුතු අතර, ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙක් සඳහාවන ඇප තැන්පතු මුදල රුපියල් 11,000ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?