මැතිවරණය වෙනුවෙන් විශේෂ පොලිස්පති අණදෙන නිරීක්ෂණ මැදිරියක්

හෙට (14) දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා මැතිවරණ පොලිස්පති අණදෙන විශේෂ නිරීක්ෂණ මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.

අද (13) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ; වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් මත මෙම ඒකකය පිහිටුවා ඇති බවයි.

මෙම නිරීක්ෂණ මැදිරිය ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ පිහිටුවා තිබෙනවා.

මෙහි රාජකාරි කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරින් හා පොලිස් විශේෂ කාර්‍යය බලකා නිලධාරීන්, කැරලි මර්දන ඒකකයේ නිලධාරින් ඇතුළු ආරක්ෂක අංශයේ පිරිසක් රාජකාරියේ යොදා තිබෙන බවත් වාර්තා වනවා.

ඩ්‍රෝන් කැමරා, සීසීටීවී, ජංගම සීසීටීවී රථ යොදවා ඇති අතර ඒවා නිරික්ෂණය කිරීම ඔවුන්ගේ රාජකාරියයි.

මැතිවරණ නිරීක්ෂණය සඳහා යොදවා තිබෙන ජංගම සංචාර නිරීක්ෂණය කර ඒවායේ තොරතුරු ලබා ගනිමින් ආරක්ෂක තත්ත්වය යාවත්කාලීන කිරීමට ද ඔවුන් ක්‍රියා කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42