spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණය කල් දැම්මොත් අධිකරණයට යනවා – ජී.එල්

පළාත් පාලන මැතිවරණය කල් දැමුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නිදහසේ ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ නිදහසේ ජනතා සභාව අද (10) කොළඹ දී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ජනතාව ඉදිරියට ගොස් මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නොමැති නිසා ව්‍යාජ තර්ක ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය ද කල්දැමීමට ජනාධිපතිවරයා උත්සාහ ගන්නා බවයි ඔහු මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේ.

මැතිවරණ කල්දැමීමට එරෙහිව පාර්ලිමේන්තුවේ දී විපක්ෂයක් ලෙස එක් වී කටයුතු කිරීමටත්,අධිකරණය හමුවට යාමටත් කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?