මැතිවරණය අවසන් වන තෙක් දේශපාලන ප්‍රවර්ධන වැඩසටහන් බෑ – පොහොර සහනාධාරයත් 20 වැනිදා සිට

මෙවර මැතිවරණය ප්‍රකාශයට පත් කළ දා සිට එය අවසන් වන තෙක් කිසිදු අයුරකින් දේශපාලනික වශයෙන් සහන ලබා දීම් හෝ ඒවා ප්‍රවර්ධනය කිරීම් සිදු කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි කොමසාරිස් ජනාරල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ; පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙන් පොහොර සහනාධාරය ලබාදීම් වැනි කැබිනට් තීන්දු තීරණ ගැනීම, ප්‍රකාශයට පත් කිරීම හෝ ඒවා ක්‍රියාත්මක කිරීම 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මහ මැතිවරණ පනත උල්ලංඝනය කරන බවයි.

මහ කන්නය වෙනුවෙන් රජය විසින් ගොවීන්ට පිරිනමනු ලබන පොහොර සහනාධාරය අගෝස්තු මස 21 හා 26 කැබිනට් තීරණ මගින් දැනුම්දීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බැවින් ඒ පිළිබඳ ව එම අමාත්‍යාංශ ලේකම්වරුන්ට මැතිවරණ කොමිෂන් සභාව විසින් එය දැනුම්දුන් බව ද සමන් ශ්‍රී රත්නායක මහතා මෙහිදී කියා සිටියා.

සැප්තැම්බර් 24 වන දා සිට යම් ආකාරයක චක්‍රලේඛ නිකුත් වුවහොත් එය අක්‍රීය කිරීමට අනිවාර්‍යයෙන්ම මැතිවරණ කොමිෂන් සභාව මැදිහත් වන බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ මැදිහත් වීම මත ජනාධිපතිවරණය අවසන් වන තෙක් අක්‍රීය කෙරුණු රුපියල් 25000ක පොහොර සහනාධාර දිරි දීමනාව මෙම මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වන බව රජය පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ මහ මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදින අවසන් වූ පසුව මහ කන්නය වෙනුවෙන් ලබාදෙන මෙම සහනාධාර මුදල් ගොවියන්ගේ ගිණුම් වෙත සෘජුව ම බැර වීමට කටයුතු සලසා ඇති බවයි.

මේ සඳහා රුපියල් බිලියන 20ක මුදලක් (රුපියල් කෝටි 200) මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බවත් ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් 25,000ක මුදලක් මෙම මස 20 වැනිදා සහ 30 වැනිදා අතර දිනයන්හි දී ගොවි ගිණුම් වෙත බැර කෙරෙන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතා පැවසුවා.

මෙම මුදල ගොවීන්ගේ මහ කන්නයේ මඩ පොහොර අවශ්‍යතාව සපුරාලීමට අවශ්‍ය සහාය දක්වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16