මැතිවරණය අවසන් වන තෙක් දේශපාලන ප්‍රවර්ධන වැඩසටහන් බෑ – පොහොර සහනාධාරයත් 20 වැනිදා සිට

මෙවර මැතිවරණය ප්‍රකාශයට පත් කළ දා සිට එය අවසන් වන තෙක් කිසිදු අයුරකින් දේශපාලනික වශයෙන් සහන ලබා දීම් හෝ ඒවා ප්‍රවර්ධනය කිරීම් සිදු කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි කොමසාරිස් ජනාරල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ; පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙන් පොහොර සහනාධාරය ලබාදීම් වැනි කැබිනට් තීන්දු තීරණ ගැනීම, ප්‍රකාශයට පත් කිරීම හෝ ඒවා ක්‍රියාත්මක කිරීම 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මහ මැතිවරණ පනත උල්ලංඝනය කරන බවයි.

මහ කන්නය වෙනුවෙන් රජය විසින් ගොවීන්ට පිරිනමනු ලබන පොහොර සහනාධාරය අගෝස්තු මස 21 හා 26 කැබිනට් තීරණ මගින් දැනුම්දීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බැවින් ඒ පිළිබඳ ව එම අමාත්‍යාංශ ලේකම්වරුන්ට මැතිවරණ කොමිෂන් සභාව විසින් එය දැනුම්දුන් බව ද සමන් ශ්‍රී රත්නායක මහතා මෙහිදී කියා සිටියා.

සැප්තැම්බර් 24 වන දා සිට යම් ආකාරයක චක්‍රලේඛ නිකුත් වුවහොත් එය අක්‍රීය කිරීමට අනිවාර්‍යයෙන්ම මැතිවරණ කොමිෂන් සභාව මැදිහත් වන බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ මැදිහත් වීම මත ජනාධිපතිවරණය අවසන් වන තෙක් අක්‍රීය කෙරුණු රුපියල් 25000ක පොහොර සහනාධාර දිරි දීමනාව මෙම මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වන බව රජය පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ මහ මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදින අවසන් වූ පසුව මහ කන්නය වෙනුවෙන් ලබාදෙන මෙම සහනාධාර මුදල් ගොවියන්ගේ ගිණුම් වෙත සෘජුව ම බැර වීමට කටයුතු සලසා ඇති බවයි.

මේ සඳහා රුපියල් බිලියන 20ක මුදලක් (රුපියල් කෝටි 200) මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බවත් ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් 25,000ක මුදලක් මෙම මස 20 වැනිදා සහ 30 වැනිදා අතර දිනයන්හි දී ගොවි ගිණුම් වෙත බැර කෙරෙන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතා පැවසුවා.

මෙම මුදල ගොවීන්ගේ මහ කන්නයේ මඩ පොහොර අවශ්‍යතාව සපුරාලීමට අවශ්‍ය සහාය දක්වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42