spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණයට වැඩියෙන් වියදම් කළොත් ?

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක් ඡන්ද දායකයකු වෙනුවෙන් අපේක්ෂකයකු වියදම් කළ යුතු මුදල සම්බන්ධයෙන් මැතිවරණයට ඉදිරිපත්වන සියලුම සභිකයන් දැනුවත් කිරීමට පැෆරල් සංවිධානය තීරණය කර තිබෙනවා.

මේ සඳහා වන පනත් කෙටුම්පතට පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අනුමැතිය හිමි වුණා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සියලු අපේක්ෂකයන් දැනුවත් කරන බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මීට අමතරව උපදෙස් පත්‍රිකාවක් ද සියලු දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සඳහා ද ලබාදීමට කටයුතු කරනු ලබයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර නියමිත වියදම් සීමාව ඉක්මවා කටයුතු කරන අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවට ද දැනුවත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?