මැතිවරණයට මුදල් ඉල්ලා කොමිසම එවූ ලිපිය පක්ෂ නායකයන්ට

පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට මැදිහත් වන්නැයි ඉල්ලමින්, මැතිවරණ කොමිසම තමන් වෙත යොමු කළ ලිපිය, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ට ඉදිරිපත් කළ බව, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

කතානායකවරයා කියා සිටියේ, පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්විමේදී අදාළ ලිපිය ඔවුන් වෙත යොමු කළ බවයි.

එම ලිපියෙන් මැතිවරණ කොමිසම කරඇති ඉල්ලීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී පක්ෂ නායකයින්ගේ අවධානයට යොමු කළ බව මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළා.

මෙම වසරේ අයවැය මගින් මැතිවරණ සඳහා වෙන් කළ මුදල්, පළාත් පාලන මැතිවරණයට නිදහස් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට පක්ෂ නායකයින්ගේ එකඟතාව හිමිව තිබෙනවා.

කතානායකවරයා විසින් පසුගියදා අදාළ ලිපියේ පිටපතක්, මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද යොමු කර තිබුණා.

මැතිවරණ කොමිසමේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා මහතා අදාළ ලිපිය කතානායකවරයා වෙත යොමු කරමින් ඉල්ලා සිටියේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා මැදිහත් වන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34