මැණිකේ මගේ හිතේ සින්දුව කියපු යොහානි පාර්ලිමේන්තුවට!

මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලෝකය පුරා ඉහළ රසික ජන ප්‍රසාදයක් දිනාගත් යොහානි ද සිල්වා නව පරපුරේ තරුණ ගායන ශිල්පිනියට උපහාර පිදීමේ උත්සවයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන 23 වැනිදා පෙරවරුවේ පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණී රෝහණදීර මහත්මිය පැවසුවාය.

අගමැති මහින්ද රාජපක්ෂ සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසිනි.

යොහානි ද සිල්වා මෙනෙවිය මෙදින පෙරවරුවේ කතානායක ගැලරියටද කැඳවා ගෙන එනු ලබන්නීය.

මේ අවස්ථාවේදී කතානායකවරයා පාර්ලිමේන්තු සභාව අමතමින් ඇයගේ පැමිණීම දැනුම්දීමට නියමිත අතර සියලු මන්ත්‍රීවරුන් එහිදී ඇයට සුබ පැතුම් පිරිනැමීමට නියමිතය.

ඉන් අනතුරුව ඇය පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන උත්සව සභාව වෙත කැඳවා ගෙන යනු ලබන අතර එහිදීද ඇයට විශේෂ උපහාර පිදීමක් සිදු කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

  1. යොහානි රටට අභිමානයක් ගෙනා බව ඇත්ත ඇය තවමත් ළාබාල දරුවෙක් ඇයගේ ගමන ඇයට පාඩුවේ යන්න නොදී මෙසේ ඇයව තමන්ගේ දේශපාලන ගණුදෙනු සඳහා භාවිතා කිරීම ඇයටත් රටටත් කරන විනාශයක්
    පාදඩ දේශපාළුවන් හැමදාම කළේ කළ ලද කළ වල ඉහ ගැනීම හෝ දිය බොරකර මාළු ඇල්ලීමයි

    • රීලා හරියට පුක සෝදාගන්න දන්නේ නැ මුන්ට පාර්ලිමේන්තුව ලංකාවේ ඉන්නේ මෝඩ ජනතාව කියන්න හිතාගෙන ඉන්නේ කාලකන්නි ඇත්ත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11