මැණිකේ මගේ හිතේ නිසා යෝහානිට නඩුවක් ද?, එම ගීතයේ මුල් අයිතිකරු සතීෂාන් කියපු කතාව

මේ ගතවෙන්නේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ අපේ රටේ කවුරුත් ආදරය කරන සංගීතයේ ආන්දෝලනාත්මක කාලයක්. ඒකට හේතුව තමයි මැණිකේ මගේ හිතේ සින්දුවට අපේ රටේ හැමෝම මෙන්ම ලෝකයම ආදරේ කරන්න පටන් අරන්. මුලින් අපි ආදරේ කළා පස්සේ ලෝකයම ආදරේ කරන්න පටන් අරන්.

ඉතින් ඒ අතර ආසන්නම සිද්දිය තමයි ඉන්දියාවේ ප්‍රවීන නළුවෙකු වන අමිතාබ් බච්චන් මේ ගීතයට ආදරය කරන බව තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක් පේජ් එකේ පලකරලා තිබීම. හැබැයි මේ හැමදේත් එක්කම මේ සින්දුවේ මුල් අයිතිකරු වන අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන සතීෂාන් රත්නායකට ඔහුගේ ගීතය මඟහැරෙන බවක් දැනෙන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.

ඉතින් මේ ගැන දැනගන්න යූ ටියුබ් නාලිකාවක් විසින් ඔහුව සම්මුඛ සාකච්චාවකට එකතු කරගෙන තිබුණා. ඉතින් මේ අවස්ථාවේදී මේ නිහතමානී ගායන ශිල්පියා පවසලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්.

ඇත්තටම ලංකාවේ වැඩක් අපේ රටෙන් එලියට යවනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. යෝහානිව මට ඉස්සෙල්ලාම හම්බවුනේ චමත් අයියාගේ ස්ටුඩියෝ එකේදී, ඉතින් ඊට පස්සේ චමත් අයියයි මායි කතා වුනා ඒ දවස් වල යෝහානිව දාලා කවර් එකක් අපි කරමු කියලා. ඉතින් යෝහානිත් ඒකට කැමති වුණ

ඇත්තටම නඩු කතන්දර එහෙම මුකුත් නෑ. ඒ සේරම බොරු කටකතා. ඇත්තටම හැමෝම කතා වෙලා ගොඩක් කැමැත්තෙන් ආසාවෙන් කරපු වැඩක් මේක. ඇත්තටම යෝහානිගේ සින්දුව තමයි ලෝකෙටම යන්න පටන් ගත්තේ. මේ වෙද්දී නරඹුම් වාර මිලියන 30ත් පහු කරලා තියෙන්නේ. මගේ ගීතය එච්චර නරඹලා නැහැ. නමුත් ඒ ගැන මගේ හිතේ කිසිම දුකක් නැහැ.

මම දැන් විස්වාස කරන දෙයක් තමයි මේ සින්දුව මගේවත්, යොහානිගේවත් සින්දුවක් නෙමෙයි. මේක දැන් අපේ රටේ අපේ මිනිස්සුන්ගේ සින්දුවක් කියන එක. මෙන්න ලංකාවේ සිංහල සින්දුවක් කියලා ලෝකෙම කතා කරයි කියලා තමයි මම හිතන්නේ කියලයි මේ නිහතමානී ගායන ශිල්පියා අවසාන වශයෙන් පවසලා තිබුනේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55
Video thumbnail
නයෙක් නිසා උඩුයටිකුරු වුණ දඹුල්ල රෝහල - "නයි හාමි කරදර නොකර යන්න.."
01:48
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32