දෙකෝටියකට මදක් වැඩි ජනගහනයක් සහිත ශ්‍රී ලංකාවේ නිර්මාණය කොට දොලොස් කෝටි විසි ලක්ෂයකට අධික වාරයක් යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය යුක්රේනයෙන් පැමිණි 13 හැවිරිදි කැරොලිනා ප්‍රොටෙසෙන්කෝ අමෙරිකාවේදී සිය වයලීනයෙන් වාදනය කළ අයුරු බොහෝ දෙනාගේ අවධානයට යොමුවුණා.
කැලිෆෝනියාවේ – සැන්ටා මොනිකා හි ජනාකීර්ණ වීථියක සිංහල ගීතයක රාවයක් නින්නාද දීම එරට සිටින ශ්‍රී ලාංකිකයින්ටද අපූරු අත්දැකීමක් වුණා.
ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස්ද ඊයේ ට්වීටර් සටහනක් එක් කළා.
එහිදී ඇය කියා සිටියේ කැලිෆෝනියාවේ වීථියක වැයුණු ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මිලියන සංඛ්‍යාත පිරිසක් මෙන්, තමාද බෙහෙවින් රස විඳි බවයි.
සංගීතය විශ්ව භාෂාවක් බව ඉන් තවදුරටත් තහවුරු වන්නේ යැයි අමෙරිකානු තානාපතිවරිය එහිදී කියා සිටියා.















Only because it was played in a Californian street, eh Teplitz ???