‘මැණිකෙ’ට ගත් ණය තාමත් ගෙවනවා ගීතයේ මුල් හිමිකරු කියන අලුත් කතාව

ලොවක් වසඟ කළ ‘‘මැණිකේ මගේ හිතේ’’ ගීතයේ මුල් හිමිකරු සතීෂාන් රත්නායක සමඟින් මෙවර සැඳැල්ලෙන් පුංචි කතාබහක් කරන්න හිතුවා. ඒ ඔහුගේ කලා කටයුතු ගැන කතා කරන්නත් සමඟින් මේ සටහන ඔහුට ආදරය කරන ඔබ වෙනුවෙන්. 

සතීෂාන් කොහොමද ගෙවන ජීවිතේ?

ජීවිතේ ගොඩක් සතුටින් ගෙවෙනවා. මොකද මම මගේ තිබුණු හීන, බලාපොරොත්තු ගොඩක් ඉතා ඉක්මණින් හිතාගන්නවත් බැරි විදියට සාර්ථක කරගන්න හැකිවුණා. සංගීත ජීවිතේ සහ වෘත්තීය ජීවිතේ, විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ වෘත්තීය ජීවිතය පැත්තෙන් ගත්තම මම සේවය කළේ ලංකා විදුලිබල මණ්ඩලයෙනෙ. ඒ අනුරාධපුරයේ. නමුත් මගේ ගම කෑගල්ල ඒ නිසා මගේ සංගීත කටයුතුවලට සම්බන්ධ වෙන්න කොළඹට ඒම දුෂ්කර වෙහෙසකර ගමනක් වුණා. නමුත් මට පසුගිය කාල සීමාව ඇතුළත ඉතා ඉක්මණින් රැකියාවේ ස්ථාන මාරුවක් ලබාගන්න හැකිවුණා. මේ වෙද්දි මම ලංකා විදුලිබල මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ තමයි සේවය කරන්නේ. ඒ නිසා දැන් මගේ සංගීත වැඩකටයුතු ඉතා පහසුවෙන් කරගන යන්න හැකි වෙලා තියෙනවා. රැකියාව පැත්තෙන් ඒ ලැබුණු සහයෝගය මගේ ගමනට ලොකු ශක්තියක් ඒ සහයෝගය ලබාදුන් හැමදෙනාටම ස්තූතිවන්ත වෙන්න ඕනෑ. ඉතින් මේ හැමදේම එක්ක මම රැකියාවයි, සංගීතයයි දෙකම හොඳින් සතුටින් කරගෙන යනවා. 

මොනවද අලුත් නිර්මාණ?

අලුත්ම ගීත නිර්මාණය ‘‘ඔමරි’’. ‘‘මැණිකේ මගේ හිතේ part 02’’ නමින් ඒ ගීතය එළිදක්වන්න නියමිතව තියෙන්නේ. නිර්මාණය ටිකක් ප්‍රමාද වුණේ එහි දෙමළ පිටපතකුත් එන්න තියෙනවා. ඉන්දියාවේ කෙනෙක් එක්ක තමයි මේ වැඩකටයුත්ත කරගෙන යන්නේ. ඒත් එක්ක තව නිර්මාණ දෙක තුනක් බලාගන්න පුළුවන් වෙයි.

දැන් ජාත්‍යන්තර එක්කමද ගනුදෙණු කරන්න බලාපොරොත්තුව?

එහෙම කියලා ලොකු බලාපොරොත්තුවක් නැහැ. නමුත් බලාපොරොත්තු නොවුණු දේවල්නේ මේ කාලසීමාව තුළ සිදුවුණේ. නමුත් මම හිතනවා මහන්සි වෙලා වැඩ කළොත් අපිට ලොකු ගමනක් යන්න හැකිවෙයි කියලා. ඒ නිසා වෙනස් විදියේ ගීත කරලා ඒ වැඩකටයුත්තට අපේ උපරිමය ලබාදීලා හොඳ දෙයක් කළොත් ප්‍රතිඵලයක් ලැබෙයි කියන විශ්වාසය තියෙනවා. ඒ දේට උත්සාහ කරනවා. 

මේ ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක ප්‍රසංග වේදිකාවට හොඳ ඉල්ලුමක් ඇති?

දෙස්, විදෙස් ප්‍රසංග කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. විදෙස් ප්‍රසංග දෙක තුනකට වගේ ඉදිරි සති කිහිපය තුළ සම්බන්ධ වෙන්න නියමිතව තියෙනවා, ඊට අමරතව ලංකාවේ මේ වෙද්දි ප්‍රසංග කිහිපයකට සම්බන්ධ වුණා. ඉදිරියේදීත් සම්බන්ධ වෙන්න ආරාධනා කිහිපයක් තියෙනවා. 

පසුගිය කාලේ යොහානි සම්බන්ධ වුණු ප්‍රසංගලවලට සතීෂාන්ට ආරාධනා ලැබුනේ නැද්ද?

මුල් කාලේදි ඇය සම්බන්ධ වුණු විදෙස් ප්‍රසංග ඇයගේ සංගීත කණ්ඩායමට සහ ඇයට ලැබුණු ප්‍රසංග, මට ඒවාට ආරාධනා ලැබුණේ නැහැ. නමුත් ඉදිරියේදී ඇයත් සමඟින් සම්බන්ධ වෙන්න ප්‍රසංග කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. මේ දවස්වල ඒ වැඩකටයුතු  ගැන කතා කරගෙන යනවා. ලංකාවේ ප්‍රසංග කිහිපයකට නම් ඇය සමඟ සම්බන්ධ වුණා. 

‘‘මැණිකේ මගේ හිතේ’’ ගීතයේ මුල් හිමිකරු විදියට ඔබට නොලැබෙන ප්‍රතිචාර ඇය ලබද්දි ඒ ගැන පුංචි හෝ දුකක් නැද්ද?

ඇත්තටම නැහැ. ඇය මේ ගීත​ෙය Cover එක කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම තුළින් අපිටත් ලොකු අවස්ථාවන් කිහිපයක් ලැබුණා. ඉතින් මම ඇතිව හෝ නැතිව ඇය දෙස් විදෙස් ප්‍රසංගවලට සම්බන්ධ වෙලා ඒ ආදරය ප්‍රතිචාර ලබද්දි මට ඇත්තටම සතුටුයි. මොකද අපි ඉදිරි ගමනක් යන්නනම් කුහකවෙලා හරියන්නේ නැහැ. ඇය තනියම ගමනක් යන්න හොඳ නැහැ මුදල් ලැබෙන්න හොඳ නැහැ කියලා ඒ ගැන මම හිතුවේ නැහැ. මුදල් අවශ්‍යයි තමයි. නමුත් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්ම නොවෙයි මේ නිර්මාණය කළේ. ඇත්තම කිව්වොත් මේ නිර්මාණය කරන්න මම ණය වාරිකයක් පවා අරගෙන තියෙන්නේ. ඒ දේවලුත් මම තවමත් ගෙවාගෙන යනවා. ඒ හැමදේම කළේ සංගීතයට තියෙන ආසාව කැමැත්ත නිසා. මේ නිර්මාණයට සම්බන්ධ වුණු අපි හැමෝම මුදල්වලට වඩා නිර්මාණය ගැන හිතුවේ. ඒ එකම චේතනාවක හිටපු නිසා තමයි ගීතය මේ තරම් දුර ගියේ. 

ලංකාවෙ ඉතා හොඳ නිර්මාණ ති​ෙයනවා. ඒත් ඒවා ඉදිරියට යද්දි නොයෙක් ගැටලු ඇතිවෙනවා. සමහරු තවත් කෙනෙක්ට ගීතයක් ගායනා කරන්න ඉඩ දෙන්නේ නැහැ. අනුන්ගේ ගීතයක් වේදිකාවක ගායනා කළොත් ඒවාට නඩු දානවා. අද එවැනි තත්ත්වයන් ලංකාවේ බොහොමයි. ඇත්තටම අපිට ඒවගේ ප්‍රශ්න තිබුණේ නැහැ. හැමෝම එකට එකතුවෙලා වැඩ කළා. එක එක්කෙනාට ඊර්ෂ්‍යා කළේ නැහැ. ඒ නිසයි මේ සාර්ථකත්වයට ළංවුණේ. මමත් මෙහි සංගීත අධ්‍යක්ෂවරයා චමත් සංගීත් දෙන්න කතා කරලා යොහානිව මේ වැඩ කටයුත්තට සම්බන්ධ කරගත්තේ. ඇය මේ වෙනුවෙන් මුදල් අය කිරීමක් කළෙත් නැහැ. ඉතින් මම හිතනවා ඇයටත් දැන් මේ ගීතයේ අයිතියක් තියෙනවා කියලා. ඉතින් ඇය මේ ගීතය කොහේ කිව්වත්. ඒවට ප්‍රතිචාර ලැබුණත් මට ප්‍රශ්නයක් නැහැ.

සමහර දෙනෙක් ඇයට චෝදනා කරනවා දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ කියලා? සතීෂාන්ලගේ ඇමතුම්වලට ප්‍රතිචාර දක්වනවද?

යොහානි හිතාගන්න බැරි විදියට ඉතා ඉහළ ජනප්‍රියත්වයක් ලැබුවා. ඒ තත්ත්වය උඩ ඇයට අතිවිශාල ඇමතුම් සංඛ්‍යාවක් එනවා කියන දේ මම දන්නවා. මේ දවස්වල අපිටත් ඇමතුම් බොහෝ සංඛ්‍යාවක් ලැබෙනවා. ඉතින් ඒ හැම ඇමතුමකටම ප්‍රතිචාර දක්වන්න ටිකක් අමාරුයි. වැඩකටයුතුත් එක්ක. ඒ නිසා වෙන්න ඇති ඇය කළමනාකරුවෙකු ඒ වැඩ කටයුතු වලට සම්බන්ධ කරගෙන ඉන්නේ. ඔහුගේ මාර්ගයෙන් තමයි ඇයව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ දේත් එක්ක මේ කතා කියනවා ඇත්තේ. අපිට නම් එහෙම වෙනසක් සිදුවෙලා නැහැ අවශ්‍ය දේට කතාබහ කරනවා.

ඉදිරියේදී ඇය එක්ක නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

තවම නම් නැහැ. ඉදිරියේදී අවස්ථාවක් ලැබුණොත් කරයි. අපි දෙන්නාගේම කටහඬත් එක්ක ගැළපෙන නිර්මාණයක් ලැබුණොත් සිද්ධ වෙයි. 

සතීෂාන්ට ලැබෙන රසික ආදරය කොහොමද?

ඇත්තටම ඒ ගැන නම් කියන්න ගොඩක් සතුටුයි. දෙස් විදෙස් ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ. ඉන්දියාවෙන් තමයි වැඩිම ප්‍රතිචාර තියෙන්නේ. සමහරු FB හරහා පණිවිඩ එවනවා. මම ඉන්දියාවේ චෙන්නායිවල කියලා හිතාගෙන. මාව බලන්න එන්න එක පිරිසක් කතා කළා. ඒවගේ ප්‍රතිචාර තියෙනවා. ලංකාවෙනුත් විශාල රසික පිරිසක් මේ වෙද්දි එකතුවෙලා ඉන්නවා. ඇත්තටම ඒ ගැන සතුටුයි. 

සතීෂාන් විලාසිතාවලට ගොඩක් නැඹුරුයි නේද?

ඔව්. ඇත්තටම මම විලාසිතා කරන්න ආසයි. මට ගැළපෙන දේවල් කව්රුත් ෆලෝ කරලා ඒවා කරන්න කැමති කෙනෙකුත් නෙමෙයි. ඉතින් ගොඩක් ආසාවෙන් හිටියා ටැටූ එකක් ගහන්න. ඒ දේත් කළා. ඒ වගේ මට හොඳයි කියලා හිතෙන දේවල් කරනවා. ඇඳුම්වලින් නම් ගොඩක්ම කැමති ෂෝට් එකටයි ටීෂට් එකටයි. 

ලංකාවේ ගැහැණු ළමයින්ගෙන් වැඩිම ආකර්ෂණයක් තියෙනවා කියන්නේ ඇත්තද?

එහෙම නෑ කියන්නත් බෑ ඉතින්, ඔව් ඇත්තටම ගොඩක් දෙනෙක් කතා කරනවා. සුභ පතනවා. හිතුවට වඩා ප්‍රතිචාර නම් ගොඩක් තියෙනවා. 

ඒ අතර ප්‍රේම යෝජනාත් ඇති? 

ඇත්තටම එහෙම දේවලුත් සිද්ධ වෙනවානම් තමයි. 

තවම හිත ගිය කෙනෙක් නැද්ද?

තවම නම් ඇත්තටම එහෙම කෙනෙක් නැහැ. 

මොනවගේ කෙනෙකුට කැමති කියලා කියමු එහෙනම්?

මම කැමති මාව තේරුම් ගන්න පුළුවන් හිත හොඳ කෙනෙක්ට. හිත හොඳ කියලා කිව්වේ සමහරු අපි මොන දේ කළත් වැරදි අඩුපාඩු පේන්නේ. අවතක්සේරු කරනවා හැමදේ ගැනම. මට වචනෙකින් හෝ ශක්තියක් වෙන කොයිතරම් පහත් තත්ත්වයට වැටුණත් හැමදේම සහයෝගයක් වෙලා ළඟින් ඉන්න තේරුම් ගත්ත කෙනෙක්  වෙන්න ඕනෑ. 

image d67b982fd8

ඉතා ඉක්මණින් මේ ලැබුණු අදරය ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මේ හැමදේටම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෑ මගේ අම්මා තාත්තාට. ඒ දෙන්නා නිසා මම අද මේ වගේ ආදරයක් ප්‍රතිචාරයක් ලබන්නේ. ඉතින් මගේ මුල් තැන මගේ පවුල. ඒ වගේම මේ තැනට එන්න ලොකු ශක්තියක් වුණේ චමත් සංගීත්. ඔහු ඇතුළු ‘‘මැණිකේ මගේ හිතේ’’ ගීතයට සම්බන්ධ වුණු හැම දෙනාටම ස්තූතිවන්ත වෙනවා. ඒ හැමදේම වගේ මාධ්‍ය හරහාත් ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. මේ වසර තුළ ජීවිතේ හිතුවේ නැති වෙනසක් සිදුවුණා. ඉතින් මට මේ ගමන එන්න ශක්තියක් වුණු ඒ හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අද සතීෂාන් රත්නායක කියලා ගායන ශිල්පියෙක් බිහිවුණේ ඒ හැමෝම නිසා. 

ධනු විජේරත්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
91
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38