මැණික් පතලේ ඝාතනයෙන් පසු කපුවෙක් වූ සැකකරු වසර 4කට පසු අල්ලයි

මැණික් පතලක ඇතිවූ ආරවුලකදී ඉල්ලම් කූරකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර කපුවෙකු ලෙස වෙස් වලාගෙන වසර හතරක් සැඟව සිටි පුද්ගලයකු තෙබුවන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙබුවන කෝට්ටයාහේන ප්‍රදේශයේ පදිංචි 30 හවිරිදි අයෙක්.

සැකකරුට මීට වසර හතරකට පෙර අයගම ප්‍රදේශයේ මැණික් පතලක ඇතිවූ ආරවුලකදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අතර ඊට අදාළව රත්නපුර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබියදී අධිකරණය මගහැර සිට ඇතැයි සඳහන්.

අනතුරුව මෙම පුද්ගලයා ගොඩකවෙල ප්‍රදේශයේ දේවාලයක් ඉදිකර කපුවෙකු ලෙස වෙස් වලාගෙන වසර හතරක් පමණ සැඟව සිට තිබෙනවා. සැකකරු තෙබුවන ප්‍රදේශයට පැමිණ ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මතයි අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38