spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැණික් පතලේ ඝාතනයෙන් පසු කපුවෙක් වූ සැකකරු වසර 4කට පසු අල්ලයි

මැණික් පතලක ඇතිවූ ආරවුලකදී ඉල්ලම් කූරකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර කපුවෙකු ලෙස වෙස් වලාගෙන වසර හතරක් සැඟව සිටි පුද්ගලයකු තෙබුවන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙබුවන කෝට්ටයාහේන ප්‍රදේශයේ පදිංචි 30 හවිරිදි අයෙක්.

සැකකරුට මීට වසර හතරකට පෙර අයගම ප්‍රදේශයේ මැණික් පතලක ඇතිවූ ආරවුලකදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අතර ඊට අදාළව රත්නපුර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබියදී අධිකරණය මගහැර සිට ඇතැයි සඳහන්.

අනතුරුව මෙම පුද්ගලයා ගොඩකවෙල ප්‍රදේශයේ දේවාලයක් ඉදිකර කපුවෙකු ලෙස වෙස් වලාගෙන වසර හතරක් පමණ සැඟව සිට තිබෙනවා. සැකකරු තෙබුවන ප්‍රදේශයට පැමිණ ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මතයි අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?