මැණික් ගල් පෙන්වා ව්‍යාපාරිකයෙකුගේ මුදල් වංචා කළ මව සහ පුත්‍රයා අත්අඩංගුවට

මැණික් ගල් 3ක් ලබාදෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් මුදල් වංචා කළ කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දහවල් මහඔය 69 හන්දිය ප්‍රදේශයේදී සැකකාර කාන්තාව සහ ඇයගේ පුත්‍රයා අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් කොල්ලකා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් මහඔය පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කර අපරාධයට සම්බන්ධ සැකකරු සහ කොල්ලකන ලද මුදලින් රුපියල් 120000ක් ළග තබාගෙන සිටි සැකකරුගේ මව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අවුරුදු 32ක් වයසැති පුද්ගලයෙක් වන අතර සැකකාර මව අවුරුදු 58ක කාන්තාවක්.

මෙම සැකකාර මව සහ පුත්‍රයා අද දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මහඔය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37