මැගසින් බන්ධනාගාර කැරැල්ලේ පළමු විත්තිකරුගේ වෛද්‍ය වාර්තාවක් කැඳවයි

බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරය තුළ දී අමානුෂික අයුරින් පහර දී තුවාල සිදු කළා යැයි කියන මැගසින් බන්ධනාගාර කැරැල්ලේ පළමු විත්තිකරු වන සිසිර ප්‍රසන්න කුමාර යන අයව වහාම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඔහුගේ තුවාල පිළිබඳ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා අද (25) බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළා.

වැලිකඩ බන්ධනාගාරයේ මේ වන විට රඳවා සිටින තමා හට බන්ධනාගාර නිලධාරීන් පිරිසක් විසින් ඉතා මානුෂික ලෙස පහරදීම පිළිබඳව විත්තිකරු විසින් එම නිලධාරීන්ගේ නම් සහිතව අධිකරණයට ඉදිරිපත් කරන ලද ලිපියක් සැලකිල්ලට ගෙන විනිසුරුවරයා එම නියෝගය නිකුත් කර තිබෙනවා.

එසේම මේ වන විට ඇප මත මුදාහැර සිටින නමුත් නිසි පරිදි අධිකරණයේ හමුවේ ඉදිරිපත් නොවන විත්තිකරුවන් එකොළොස් දෙනෙක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ විනිසුරුවරයා ඔවුන්ගේ ඇපකරුවන්ට ඉදිරි දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කළා.

ඉකුත් 2012 වසරේ ජනවාරි මස 24 වන දින මැගසින් බන්ධනාගාරය තුළ අයුතු ලෙස ජනරාශියක් ලෙස රැස්වී රුපියල් ලක්ෂ පනස් දෙකකට අධික අලාභයක් බන්ධනාගාර දේපළ වලට සිදුකිරීම මෙන්ම නිලධාරීන්ට තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 56 දෙනෙක්‌ට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42