මාළු ප්‍රවාහන මුවාවෙන් ගංජා බිස්නස් කළ දෙදෙනකු කොටුවෙති

මූලතිව් සහ මන්නාරමෙන් මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් අධි – ශීතකරණ සවි කරන ලද ලොරියකින් මාළු රහිත සෘජුෆෝම් පෙට්ටියක් තුළ සඟවා රුපියල් ලක්ෂ 32කට ආසන්න වටිනා කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ මෝදර රජමල් වත්ත මාතෘ නිවාසය අසල දී අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් අයෙකු මාළු වෙළඳාමේ නිරත අයෙක් බවත් අනෙක් පුද්ගලයා ලොරියේ රියදුරු බවත් පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරුවන් දෙදෙනා සමග කේරළ ගංජා කිලෝග්‍රෑම් 10යි 500 ක්, ගංජා ප්‍රවාහනයට යොදා ගන්නා ලද අධිශීතකරණ සහිත ලොරිය, ජංගම දූරකථන පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ශ්‍රියන්ත මහතා වෙත ලද තොරතුරකට අනුව මෝදර රජමල්වත්ත මාතෘ නිවාසය අසල නවතා තිබූ ලොරි රථය පරික්ෂා කිරීමේදී ලොරියේ අධිශීතකරණ කුටියේ මාළු රහිත ඍජුෆෝම් පෙට්ටියක් තුළ තැන්පත් කර පොලිසැක් කවරයක් තුළ බහා තිබූ ගංජා තොගය භාරයට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් මුලතිව් සහ මන්නාරමෙන් ප්‍රවාහනය කරන ලද මාළු පෑලියගොඩට ගොඩබෑමෙන් අනතුරුව රැගෙන එන ලද ගංජා මත්ද්‍රව්‍ය මෝදර ප්‍රදේශයට මේ ආකාරයෙන් රැගෙන එන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවක්ගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය වවුනියාව ප්‍රදේශයේ පදිංචි පන්නීර් යනුවෙන් අන්වර්ථ නාමයෙන් හඳුන්වන රාසතුරයි සිරි රංජිත් කුමාර යන අයට අයත් ඒවා බවට කරුණු අනාවරණය වු බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මූලතිව් මුල්ලියවලයි හා කෝකිලායි බටහිර පදිංචි වයස අවුරුදු 22 හා 38 අතර පසුවන්නන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51