spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාළු දැලක පැටලී 23 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට

වාලච්චේන පොලිස් වසමේ පූනානි වැවේ මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු ඔහු විසින්ම භාවිත කළ මාළු දැලක පැටලී මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, මයිලතැන්න, පුනානි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (25) පස්වරුවේ දී මරණකරුගේ පියා විසින් වාලච්චේන පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම තරුණයා අසනීප තත්ත්වයක් හේතුවෙන් රැකියාවක් නොමැතිව නිවසේ පසුව ඇති අතර, ඔහු විසින් මාළු දැලක් ද රැගෙන පුනානි වැවේ මසුන් ඇල්ලීමට ගොස් සිටිය දී මෙලෙස දියේ ගිලී ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා වාලච්චේන රෝහලේ නැත්පත් කර ඇති අතර, වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?