spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාළු දැලකට විශාල පිඹුරෙක් හසුවෙයි (ඡායාරූප සහ වීඩියෝ)

කාසල්රි ජලාශයේ ධීවර කර්මාන්තයේ නිරත ධීවරයෙකු විසින් එලා තිබු මාළු දැලකට අද (22) අළුයම විශාල පිඹුරෙකු හසු වී තිබෙනවා.

ඔහු අද තම දැල් හකුළා මසුන් අස්වැන්න ලබා ගනිමින් සිටියදී යි අඩි 08ක් පමණ දිගැති මෙම පිඹුරා හමු වී ඇත්තේ.

මාළු දැල ගැනීමේදි විශාල බරකින් යුත් යමක් හසු වී ඇති බවට දැනීමත් සමග දැල ගොඩට ගෙන පරීක්ෂා කිරීමේදී පිඹුරා දැක තිබෙනවා.

පිඹුරා පිටතට ගන්නා විටත් මියගොස් සිටි බවයි එම ධීවරයා කියා සිටියේ.

දැලේ පැටලී මියගොස් සිටි පිඹුරා නල්ලතන්නිය වන ජීවී නිලධාරින්ගේ උපදෙස් මත වල දැමිමට පියවර පියවර ගෙන තිබෙනවා.

කාසල්රී ජලාශය අවට ළඳු කැලෑ සහ රක්ෂිතවල මෙම පිඹුරන් ජීවත් වන අතර ගොදුරු ලබා ගැනීමට ජලාශය ආසන්නයේ රැඳී සිටියදී ජලාශයට වැටී මාළු දැලේ පැටලෙන්නට ඇති බවටයි වන ජීවී නිලධාරින් සැක පළ කරන්නේ.

කාසල්රි ජලාශයේ ධීවරයෙකුගේ දැලකට පිඹුරෙකු හසු වූ පළමු අවස්ථාව මෙය බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
4
+1
6
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?