මාළු දැලකට විශාල පිඹුරෙක් හසුවෙයි (ඡායාරූප සහ වීඩියෝ)

කාසල්රි ජලාශයේ ධීවර කර්මාන්තයේ නිරත ධීවරයෙකු විසින් එලා තිබු මාළු දැලකට අද (22) අළුයම විශාල පිඹුරෙකු හසු වී තිබෙනවා.

ඔහු අද තම දැල් හකුළා මසුන් අස්වැන්න ලබා ගනිමින් සිටියදී යි අඩි 08ක් පමණ දිගැති මෙම පිඹුරා හමු වී ඇත්තේ.

මාළු දැල ගැනීමේදි විශාල බරකින් යුත් යමක් හසු වී ඇති බවට දැනීමත් සමග දැල ගොඩට ගෙන පරීක්ෂා කිරීමේදී පිඹුරා දැක තිබෙනවා.

පිඹුරා පිටතට ගන්නා විටත් මියගොස් සිටි බවයි එම ධීවරයා කියා සිටියේ.

දැලේ පැටලී මියගොස් සිටි පිඹුරා නල්ලතන්නිය වන ජීවී නිලධාරින්ගේ උපදෙස් මත වල දැමිමට පියවර පියවර ගෙන තිබෙනවා.

කාසල්රී ජලාශය අවට ළඳු කැලෑ සහ රක්ෂිතවල මෙම පිඹුරන් ජීවත් වන අතර ගොදුරු ලබා ගැනීමට ජලාශය ආසන්නයේ රැඳී සිටියදී ජලාශයට වැටී මාළු දැලේ පැටලෙන්නට ඇති බවටයි වන ජීවී නිලධාරින් සැක පළ කරන්නේ.

කාසල්රි ජලාශයේ ධීවරයෙකුගේ දැලකට පිඹුරෙකු හසු වූ පළමු අවස්ථාව මෙය බව ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50