මාස 2ක රාජ්‍ය සේවක වැටුප් ගෙවන්න IMF ණය මුදලෙන් කොටසක්

අලුත් අවුරුදු සමය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට මාස දෙකක වැටුප් ගෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය ලබා ගැනීමට සිදුවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ ඒ අනුව මාර්තු සහ අප්‍රේල් මාසවල වැටුප් ගෙවීමට ණය මුදලින් කොටසක් ලබාගන්නා බවයි.

මාර්තු මාසයේ රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් සමෘද්ධි දීමනා ඇතුලු එදිනෙතා වියදම් පියවා ගැනීමට රුපියල් බිලියන 196ක් ඇස්තමේන්තු කර ඇති අතර එම මාසයේ ආදායම වශයෙන් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන්නේ බිලියන 173ක් වන බව ඔහු කියාසිටියා.

ඒ අනුව මාර්තු මාසයේ බිලියන 23ක අඩුපාඩුවක් පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඊට අමතරව ගෙවිය යුතු ණය මුදල් සඳහා බිලියන 500කට වැඩි මුදලක් අවශ්‍ය බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඒ හේතුවෙන් මාස දෙකක වැටුප් ගෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු පළමු ණය වාරිකයෙන් කොටසක් භාවිත කරන බවට භාණ්ඩාගාරය ප්‍රකාශ කර ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුදලින් කොටසක් ඉන්දීය ණය වාර්කයක් පියවීමට යොදාගත් බවයි පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ කියාසිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 330ක් වූ විස්තීරණ ණය මුදලේ පළමු වාරිකයෙන් කොටසක් ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ වාරිකය ගෙවීමට යොදා ගත් බවයි.

අමෙරිකානු ඩොලර් මිලියන 121ක් වූ අදාළ වාරිකය පෙරේදා ගෙවා දැමූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන මෙවැනි ණය මහබැංකුවේ ගිණුම වෙත බැර වනවා.

නමුත් මෙවර අදාළ ණය මුදල භාණ්ඩගාර නියෝජ්‍ය ලේකම්වරයා ගිණුමට බැර කළ හැකි ලෙස ලබා දී ඇති බැවින් එය ණය ස්ථායිකරණයට යොදා ගත හැකි බවයි සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51