මාස 16ක් පුරා රන් භාණ්ඩ කොල්ල කෑ හොනට් සුද්දා අත්අඩංගුවට (CCTVදර්ශන)

රට පුරා මාස 16ක් පුරා රන් භාණ්ඩ කොල්ල කෑ සංවිධානාත්මක ජාලයක් නීතියේ රැහැනට හසුව තිබේ.

එම කොල්ලකරුවන් පොලිස් කොට්ඨාස 6ක රන් භාණ්ඩ සොරාගෙන ඇත්තේ වෙළෙඳසැල් සහ නිවෙස්වලිනි. 

පසුගියදා උණවටුන යද්දෙහිමුල්ල ප්‍රදේශයේදී නිරීක්ෂණ සංචාරයක නිරත ගාල්ල අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් සැක සහිත යතුරු පැදියක් නැවැත්වීමට යාමේදී එහි ගමන් කරමින් සිටි පුද්ගලයින් එය අතහැර පළාගොස් තිබේ. 

ප්‍රදේශයේ CCTV දර්ශන හා ජංගම දුරකථන වාර්තා ඔස්සේ සිදුකළ විමර්ශන අනුව රූමස්සල ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැණුනේ වෙනත් යතුරු පැදියකින් යමින් සිටියදී ය.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ යතුරුපැදි හා රන් ආභරණ සොරාගැනීමේ සිද්ධීන් 12ක ප්‍රධාන සැකකරුවෙක් වන චලිත් හර්ෂණ හෙවත් “හොනට් සුද්දා” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන උඩුගම, සිදන් හාමිනේ වත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි. 

පසුව සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණ වන්නේ, ගල්කිස්ස, තණමල්විල, කළුතර දිස්ත්‍රික්කයේ බෝම්බුවල, පයාගල, බේරුවල හා අගුරුවාතොට යන ප්‍රදේශ 6න් පසුගිය වසරේ මාර්තු මස සිට යතුරු පැදි 6ක් සොරාගෙන ඇති බවය. 

එලෙස සොරාගත් යතුරු පැදි හා අංක තහඩු භාවිත කරමින් ඔවුන් සිදුකළ රන් කොල්ලකෑම් රැසක් අනාවරණ වන්නේ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ සිදුකරන ලද පරීක්ෂණවලදී ය. 

ඒ අනුව ඔවුන් වැලිපැන්න‍, මිද්දෙණිය, පාදුක්ක, කලවාන, ඇහැලියගොඩ සහ මොණරාගල ප්‍රදේශවල නිවෙස්වලින් හා රන් භාණ්ඩ අලෙවි සැල්වලින් රන් භාණ්ඩ සොරාගෙන තිබුණි. 

ඔවුන් මෙලෙස සොරාගෙන ඇති රන් භාණ්ඩවල වටිනාකම රුපියල් 68 ලක්ෂයකට අධිකය.

අත්අඩංගුවට ගැණුනු “හොනට් සුද්දා” කළ අනාවරණය අනුව ඊට සම්බන්ධ තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට පත්ව තිබේ.

“හොනට් සුද්දා” සෑම සොරකමකින් පසුව රණ් භාණ්ඩ ලබාදී තිබුණේ, වැලිගම ප්‍රදේශයේ පදිංචි අදාළ පුද්ගලයාටය.

එම රන් භාණ්ඩවලින් කොටසක් මේ වන විට සොයාගෙන තිබේ.

එම සංවිධානාත්මක ජාලයට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39