මාස 09ක බිළිඳෙකුට මරු කැඳවූ අනතුර

ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අනතුර පොළොන්නරුව – සෝමාවතිය මාර්ගයේ දී ඊයේ (08) රාත්‍රියේ දී සිදු ව ඇති බවයි.

අනතුරින් මාස 09ක් වන කුඩා බිළිඳු දරුවෙකු මරණයට පත් ව තිබෙනවා.

අනතුරට ලක් ව රෝහල්ගත කළ පිරිස පොළොන්නරුව – කලහගල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථය පොළොන්නරුව – සේවාගම ප්‍රදේශයේ සිට පොළොන්නරුව බලා ධාවනය වෙමින් පැවති අතර අනතුරට පත් ලොරි රථය පොළොන්නරුව දෙස සිට සේවාගම දෙසට ධාවනය වෙමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුළ පුද්ගලයින් පස් දෙනෙකු ගමන් කර තිබෙනවා.

තුවාලකරුවන් මේ වනවිට පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බවයි පැවසෙන්නේ.

ලොරි රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව වී තිබෙනවා.

63 හැවිරිදි ලොරි රථයේ සැකකරු පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු අද (09) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15