spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාස 06ක් තුල ඉතිරි කළ මුදල ගැන මුදල් ඇමති කියයි

පසුගිය මාස 6ක කාලය තුළදී රාජ්‍ය ආයතන මගින් වියදම් අවම කර රුපියල් බිලියන 53ක් භාණ්ඩාගාරයට ඉතිරිකර දුන් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

කැබිනට් සාකච්ඡාවෙන් අනතුරුව අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

“නොයෙක් දෙනා නොයෙක් දේවල් කීව්වට අපි මේ කාලය තුළ ඉතාම අමාරුකම් මැද්දේ වුණත් අපේ ආර්ථිකය ශක්තිමත් කරලා තියෙනවා. අපි ඒ වගේම දූෂණය නාස්තිය වංචාව වැනි දේවල් නැති කරලා ඉතිරි කරලා තියෙනවා.අපි ඒ වගේම රජයේ සියලුම ආයතනවලින් ඉල්ලුව පුළුවන් තරම් ඉතිරි කරන්න කියලා අපි කියන්න කැමතියි ගිය 6 මාසය තුළ රාජ්‍ය අමාත්‍යංශ තුළින් තමුන්ගේ වියදම ඉතිරි කරලා බිලියන 53ක් පමණ අපේ භාණ්ඩාගාරයට ඉතිරි කරලා දුන්නා. ඒ වගේම මේ පාරත් ඒ විදියටම වියදම ඉතිරිකරන ගමන් නාස්තිය අඩු කරලා, නිෂ්පාදනය වැඩි කරලා ඒ කටයුත්ත හින්ද තමයි මේ සියලු සහන දෙන්න අපි කටයුතු කළේ කියල කියන්න කැමතියි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?